.



Snowfall Widget for Blogger

Friday, November 29, 2013

ඉංදියව කලබලවෙයි.

               

                         පළාත් සභාවලට වැඩි බලතල ලැබෙන අයුරින් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයේ බලතල පුළුල් කරීම සම්බන්ධව ශ‍්‍රී ලංකා රජය සමඟ කරන සාකච්චා බිඳ වැටීමේ අනතුරක් මතුව ඇතැයි ඉන්දීය විදේශ අමාත්‍යංශය එරට අගමැති කාර්යාලයට රහසිගත වාර්තාවත් මඟින් දන්වා ඇති බව වාර්තා වෙයි.
ශ‍්‍රී ලංකා රජයේ ඉහල පෙලේ දේශපාලන උපදේශකයන්ගේ තොරතුරු මත පදනම්ව සකස් කර ඇති මෙම වාර්තාව මගින් පසුගිය කාලයේ ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාව ගත් රාජතාන්ත‍්‍රික තීරණ ගණනාවක් දැඩි ලෙස ප‍්‍රශ්ණ කර තිබේ.
ඉන්දියාව විසින් කරන ලද බොහෝ ඉල්ලීම් ශ‍්‍රී ලංකාව විසින් ඉටු කර තිබුණද ඉන්දියාව ජිනීවාහිදී ශ‍්‍රී ලංකාවට විරුද්ධ වීම, අගමැති මන්මෝහන් සිං පොදු රාජ්‍ය මණ්ඩල සැසිවාරයට සහභාගී නොවීම ආදී ක‍්‍රියාමාර්ග නිසා දෙරට අතර රාජතාන්ත‍්‍රික සබඳතා බරපතල කඩා වැටීමකට ලක්ව ඇතැයිද එම වාර්තාවෙන් කියැවේ.
මේ හේතුවෙන් 13වන සංශෝධනය ගැන කෙරෙන සාකච්චාද අනතුරුදායක අඩියකට වැටී ඇතැයිද එහි සඳහන් වන අතර මේ සියළු කාරණා මත ඉදිරියේදී ශ‍්‍රී ලංකාව තව තවත් චීනය සහ පාකිස්තානය වෙත ලංවීම නොවැළැක්විය හැකි වනු ඇතැයිද එහි වැඩිදුරටත් දැක්වෙයි.

(සුසිල්-බලන)
(ලංකා සී නිව්ස් ඇසුරෙන්)

Tuesday, November 26, 2013

සිදුහත් කුමරු උපන් ස්තනය පුරාවිද්‍යාඥයන් සනත කර ගනි.

                
         මහාමායා දේවිය සිදුහත් කුමරුන් බිහිකරන අවස්ථාවේ අසල තිබූ බව සැලකෙන සල්ගස ආවරණය කර තැනූ විහාරය නේපාලයේ ලූම්බිණි සල් උයනෙන් සොයා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
ලූම්බිණියේ මහාමායා දේවි විහාරස්ථානය අසල සිදුකළ කැණීම්වලදී සොයාගෙන ඇති මෙය මෙතෙක් ලොව හමු වූ පැරණිතම බෞද්ධ සිද්ධස්ථානය ලෙස එම වාර්තා සඳහන් කරයි.
සිදුහත් කුමරුන්ගේ උපත පිළිබඳව මෙතෙක් පැවති මත භේදය මෙම නව සොයා ගැනීම මගින් නිරාකරණය වනු ඇති බව පුරා විද්‍යාඥයින් පවසති.
කි‍්‍රස්තු පූර්ව හයවන සියවසට අයත් මෙම විහාරයේ පියස්සක් නොමැති වීමෙන් එය සල් ගස ආවරණය කළ සැකිල්ල ලෙස විශ්වාස කෙරේ.

Monday, November 25, 2013

බලන ගමෙන් බිහිවු ප්‍රතම විඩියෝ ගී පද වැල

             බලන ගමේ මෙතුවල් කල් බිහිවු ප්‍රතම ගී පද වල වීඩියෝ දර්ශණ සමග පසුගියදා එලිදක්වීය .මෙම මහගු කර්‍ය කරනු ලබුවේ කුඩ කල සිට ඉතා සංගමයකින් යුතුව සර්තක සංගීත ගමනක් යමින් සිටින සොහොයුරන් දෙපලක් වන ජානක පල්ලේවත්ත සහ ඔහුගේ වැඩිමහල් සොයුරු මන්ජුල පල්ලේවත්තයි.මෙම යොවුන් තරු දෙකට ලස්සන බලන අපේ උණුසුම් සුභ පතුම් සහ සන්ගීත දිවියේ දිගු ගමනක් යමට අපේ අශිර්වදය .
         වීඩියෝ ගීතය පහත නරබිය හැක

 
 
       ජාණක සහ මංජු
(සුසිල්-බලන)

Sunday, November 24, 2013

යුධ අපරාධ චෝදනාවලට පිළිතුරු දෙන්න රජය සූදානම්

                                 ලබන මාර්තු මාසයේදී ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී බි‍්‍රතාන්‍ය රජය විසින් ශ‍්‍රී ලංකාවට එරෙහිව ගෙන එන බව පවසා ඇති යුධ අපරාධ චෝදනාවන්ට නිසි අයුරින් ප‍්‍රතිචාර දැක්වීම සඳහා රජය සූදානම් වන්නේ යයි රජයේ ඉහල පෙලේ ආරංචි මාර්ග පවසයි.
වන්නි මෙහෙයුමේදී මිය ගිය 40,000ක සිවිල් වැසියන් කවුද, ඔවුන්ගේ ඥාතීහු සිටින්නේ කොහේද සහ සාක්‍ෂිකරුවන් කවුද යයි රජය එහිදී අභියෝග කරන බවද එම ආරංචා මාර්ග කියයි.
බි‍්‍රතාන්‍ය රජය විසින් ඉදිරිපත් කරන මෙම යෝජනාවේ සාක්‍ෂිකරුවන් ලෙස බි‍්‍රතාන්‍ය රජය දේශපාලන රැකවරණය ලබා දුන් කොටි ක‍්‍රියාකාරීහු පිරිසක් සහ කොටි සමඟ එක්ව ක‍්‍රියා කල දමිල්වානි නැමැත්තියද ඇත්තේ යයි වාර්තා වී ඇත.
ශ්‍රි ලංකාවට එරෙහි චෝදනාවෙන් පැන යන්නේ නැහැ. අපි කොටින්ට විද්‍යුත් උපාංත හා දිය යටින් යන යාත‍්‍රා ලබා දුන් බි‍්‍රතාන්‍ය සමාගම් අටක් ගැනද හෙළි කරනවා’ යයි රජයේ එකී ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

Thursday, November 21, 2013

රජයේ සේවකයන්ට රු. 1200ක දීමනාවක්

              සියලූම රජයේ සේවකයින්ගේ ජීවන වියදම් දීමනාව ලබන ජනවාරි මාසයේ සිට මසකට රුපියල් 1200කින් වැඩි කිරීමට ලබන වසර සඳහා වන අයවැය මගින් යෝජනා කර තිබේ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරන ලද 2014 සඳහා වන අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමේ කතාවේදී මේ බව සඳහන් කළේ ය.

ජීවන වියදම් දීමනාවලට අනුකූලව වැටුප් සංශෝධනය නොකරන පෞද්ගලික අංශයේ අයට ද සුදුසු පරිදි එම දීමනා වැඩි කරන ලෙස ජනාධිපතිවරයා යෝජනා කර තිබිණ.

Wednesday, November 20, 2013

පාප්තුමා මාර්තුවේ ලංකාවේ?

      
   
        ෆ්‍රැන්සිස් පාප්තුමා ලබන මාර්තු මාසයේදී  ශ්‍රී ලංකාවට පැමිණිමට බොහෝ දුරට ඉඩ ඇතැයි රෝමයේ ශ්‍රී ලංකා තනාපති නාවලගේ බැනට් කුරේ මහතා කියයි.

ශ්‍රී ලංකාවට පැමිණිම සදහා පාප් වහන්සේට ආරාධනය කිරීම සදහා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඔහුගේ බිරිය පුෂ්පා රාජපක්ෂ මහත්මියද අද (20) වතිකානයට ගියේය.

ආරක්ෂක ලේකම්  හා ඔහුගේ බිරිය පාප් වහන්සේ බැහැ දුටු බවත් නිල ආරාධනය භාර දුන් බවත්  කුරේ මහතා පවසයි.

බ්‍රිතාන්‍යයේ යුද අපරාධ හෙළි කිරීමට රජය සූදානම්

කොටි ඩයස්‌පෝරාවේ අවශ්‍යතා මත ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා නගන බ්‍රිතාන්‍යයේ යුද අපරාධ ක්‍රියා සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම හෙළිදරව් කිරීමට ශ්‍රී ලංකා රජය සැලසුම් කර ඇත.

එසේම බ්‍රිතාන්‍යය විසින් දේශපාලන රැකවරණ දී ඇති කොටි ක්‍රියාකාරිත්ව නාමලේඛනයක්‌ ද ලෝක ප්‍රජාවගේ අවධානය සඳහා ඉදිරිපත් කෙරෙන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

බ්‍රිතාන්‍ය හමුදා සිදුකළ යුද අපරාධවලට අදාළ තොරතුරු රැසක්‌ එරට සිටින ශ්‍රී ලාංකිකයන් හා බ්‍රිතාන්‍ය ජාතිකයන් ශ්‍රී ලංකාවට ලබාදී ඇත..

අයි. ආර්. ඒ. සංවිධානයට සම්බන්ධ යුද අපරාධකරුවන් රැසක්‌ බ්‍රිතාන්‍යයේ නිදැල්ලේ සිටින බවට තොරතුරු සාක්‍ෂි සහිතව මෙරටට ලැබී තිබේ.

මෙයට අමතරව කොටි සංවිධානය සතුව තිබී සොයාගත් යුද උපකරණ හා විද්යුත් උපකරණ ද බ්‍රිතාන්‍ය සමාගම්වල නිපදවූ ඒවා යෑයි හෙළි වී ඇත.

කොටි ළඟ තිබී ජල ස්‌කූටර් රැසක්‌ සොයාගන්නා ලද අතර එය බ්‍රිතාන්‍යයේ නිපදවූ නිෂ්පාදන යෑයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය


(දිවයින ඇසුරෙන්)

2014 අය වැය අවසාන නිරීක්ෂණය

                 2014 අයවැය වාර්තාව හෙට (21දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (19දා) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී එම වාර්තාව නිරීක්ෂණය කළ අයුරු.
මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ ‍ලේකම් ආචාර්ය පී.බි. ජයසුන්දර මහතා ද මෙම අවස්ථාවට එක්විය.
 
 
                                                                                                                     (සුසිල්-බලන)

Tuesday, November 19, 2013

අයිෆල් කුලුණ උඩට යමු

ගෙදර ඉදන් ප්‍රංශයේ අයිෆල් Tower එකට නැගලා පහල බලමු. මේ නිකන් පුරුදු ඡායාරූක් නේද ? දැන් පහලට ගිහින් නගිමු . 

 
මෙතනින් නගිමු
 
 කොහොමද හොදනම් මොනවා හරි ලියන්න උනාන්දුව වැඩි කරන්න.
 
 
(සුසිල්-බලන)

දවසේ සිතුවිල්ල

                    



 පුද්ගලයන් දෙදෙනෙක් ඉන්නවා තට්ටු 20 ක ගොඩනැගිල්ලක පඩිපෙලක් නගින්න..එක්කෙනෙක් පඩි අතහැර අතහැර දුවමින් පඩිපෙල නගිනවා..අනිත් කෙනා පිලිවෙලට පඩියෙන් පඩිය නගිනවා...බලන්න මේ දෙන්නාගෙන් කාටද ඉලක්කයට ලගා වෙන්න පුලුවන් කියලා..පඩි අතහැර අතහැර දුවන කෙනා ඉක්මනටම හති වැටෙනවා..හති වැටෙනවා කියලා දැන දැනත් එයා දුවනවා..හොදටම බැරි වුනාම තමා එයා නවතින්නේ..මට මෙහෙම කරොත් මේ දේ කරන්න බැරිවෙනවා කියලා එයාට තේරෙන්නේ හොදටම හති වැටුනාම..පිලිවෙලට යන කෙනා මොන බාධක ආවත් පාඩුවේ තමන්ගේ ගමන ගිහිල්ලා ඉලක්කයට ලගා වෙනවා..
අපි ධර්මය ඉගෙන ගෙන එය ප්‍රගුන කරන්න ඕනෙත් මේ පිලිවෙලට..අපිට පිලිවෙලක් නැතිව ඉක්මන් ප්‍රතිපල හොයන ක්‍රම හම්බවෙන්න... පුලුවන්..අපිව නොමග යවන සිතුවිලි,අසත්පුරුෂ මිතුරන් මුනගැහෙන්න පුලුවන්.අපේ සිත තුලින් අපිව ඉක්මන් කරවන මාන්නය,උඩගුකම, වැනි දේ ඉස්මතු වෙන්න පුලුවන්,, මේ දේවල් එක්ක අපි ගියොත් අපි අර පඩිපෙලේ දුවපු කෙනා වගේ හතිවැටෙනවා..හති නොවැටෙන්න මොකද කරන්න ඕනේ..අපිත් පිලිවෙලට ධර්ම මාර්ගය ප්‍රගුන කරන්න ඕනේ..මොහොතක් පසා යම් දේයකින් ඇතිවන මාන්නය,උඩගුකම,ආඩ්මබරය වැනි අකුසල් දුරුකර,උපේක්ෂාව වැනි කුසලයන් සැමවිටම ජිවිතයට බද්ධ කර ගත යුතුයි..නැතිනම් කුසලය කියා ඔබව නොදැනිම අකුසලයටයි ඇදි යන්නේ..එක හරියට පඩිපෙලේ දුවපු පුද්ගලයාට තමා යම් දුරක් ගියවිට හති වැටෙනා බව මුලින් නොදැනුනා සේ ඔබත් මදක් දුර ගියවිට හැති වැටේවි..
තෙරුවන් සරණයි..

මීළඟ බස්නාහිර මහ ඇමති අපේක්‍ෂකයා ශවේන්ද්‍ර සිල්වා ?

               මීළඟට විසුරුවා හැරීමට නියමිත බස්නාහිර පළාත් සභාව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ඇමති අපේක්‍ෂකයා ලෙස මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නම් කිරීමට සන්ධානයේ ඉහලම බලධාරීන් අතර සාකච්චාවක් සිදුව ඇතැයි වාර්තා වේ.
වයඹදී දයාසිරි ජයසේකර මෙන් බස්නාහිර පළාත් සභා මැතිවරණයටද ‘සුපිරි තරුවක්’ ඉදිරිපත් කිරීමේ අදහස මත මෙම යෝජනාව සාකච්චා වෙමින් තිබේ.
යුධ පෙරමුණේ මෙන්ම රාජාතාන්ත‍්‍රික මෙහෙයුමේද විශිෂ්ඨ සේවයක් කර ඇති ශවේන්ද්‍ර සිල්වා මැතිවරණයට මහතා ඉදිරිපත් කලහොත් ඉතා විශාල මනාප ප‍්‍රතිශතයක් ලබා ගනු ඇතැයි සන්ධාන නායකයන් තක්සේරු කර ඇතැයිද සඳහන්ය.
කෙසේ වෙතත් මෙම යෝජනාව තවමත් සාකච්චා තලයේ පවතින අතර අවසන් තීරණය කල් නොයවා ගනු ඇතැයිද රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

(සුසිල්-බලන)

Monday, November 18, 2013

එට්නා අවදි වෙයි.



              
යුරෝපයේ වඩාත් කි‍්‍රයාකාරී ගිනිකන්ද වන නැගෙනනහිර සිසිලියේ පිහිටි එට්නා ගිනි කන්ද යළිත් සකී‍්‍රය වී තිබේ. පසුගිය සෙනසුරාදා සිට එට්නා ගිනි කන්ද සකී‍්‍රයව පැවති අතර ඉරිදා උදෑසන ඉන් අලූ හා ලාවා පිටවීම ආරම්භ වී ඇත.
                එහෙත් කඳු පාමුල වෙසෙන ජනතාවට එයින් හානියක් නොමැති බැවින් ජනතාව ඉවත් කිරීමක් ද සිදු කර නොමැත. ගිනි කන්ද ආසන්නයේ තිබෙන කැටනියා ගුවන්තොටුපළට පමණක් ගිනි කන්ද ආසන්නයෙන් ගුවන් යානා ධාවනය නොකරන මෙන් අදාළ බලධාරීන් විසින් දැනුම් දී තිබේ. එහෙත් කැටනියා ගුවන් තොටුපළේ වැඩකටයුතු මෙතෙක් සාමාන්‍ය පරිදිම සිදු කරමින් සිටියි.
                        එට්නා ගිනි කන්ද කලාතුරකින් කි‍්‍රයාකාරී වන අතර අවසානයට බරපතල පිපිරීමක් සිදු වූයේ 1992 දී ය.

(සුසිල්-බලන)
නැෂනල්පෝස්ට් ඇසුරෙන්

දවසේ සිතුව්ල්ල

                

බලන්න දවසකට අපේ රටේ කොතරම්නම් මිනිසුන් පිරිසක් විවිධ ක්‍රමයන්ගෙන් මරණයට පත්වෙනවද කියලා..ස්වාභාවිකව,මිනිමැරුම්,හදිසි අනතුරු,ලෙඩ රෝග වැනි දේ..ඔය වගේ ලෝකේ කොතරම්නම් පිරිසක් දිනකට මරණයට පත් වෙනවද?ඒ වගේ දිනකට අපේ රටේ තිරිසන් සතුන් කිදෙනෙක් නම් මරණයට ගොදුරු වෙනවද?ලෝකයෙම ගත්තොත් ඉතා විශාල ප්‍රමාණයක් නේද?ඒ වගෙම දිනකට විශාල ප්‍රමාණයක් මේ ලෝකයට උපත ලබනවා නේද?මේ සියල්ල මොකක්ද අපිට කියලා දෙන්නේ?අපිත් කොතරම් සැපයන්ගේ එලබගෙන හිටියත් අපිටත් ලැබෙන්නේ මේ දේම නේද?මේ ඇතිවිම නැතිවිම ඔබටත් මටත් පොදු ධර්මතාවයක්..අපි කොතරම් කම්සැප පස්සේ දිව්වත් මේ එකක්වත් අපිට ගෙනියන්න බැනේ..ඉතිරි වෙන්නේ රැස් කරපු පින් පව් විතරයි..සැමවිටම මේ මොහොත සිහියෙන්,එකග වු සිතින්,කුසලයට ලැදිව ගත කරන්න උත්සාහ කරන්න..මොකද මාරයා ඔබව රැගෙන යන්න පැමිනෙණ වග අවුරුද්දකට කලින්,මසයකට කලින්,දිනකට කලින්,පැයකට කලින්,මිනිත්තුවකට කලින්,තත්පරයකට කලින් හෝ සුලු නිමේශයකට කලින්වත් පවසා නොපැමිණෙන බැවින්..වැදගත් වන්නේ  මේ මොහොතේ සිහියයි,කුසලයයි..
                                              තෙරුවණ් සරණයි ...............!

(සුසිල්-බලන)

දේශීය පරික්ෂණයක් අරභයි.

                  


       2009 සිට 2013 දක්වා කාලයේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවූයේ දැයි සෙවීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට යයි. ලබන දෙවැනි දා ආරම්භ වන එම විමර්ශනය මාස දහ අටකින් අවසන් කිරීමට නියමිතය බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා කියයි.  පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව අතරතුර එහිලේකම් කමලේශ් ශර්මා ඇතුළු රාජ්‍ය නායකයෝ කිහිපදෙනකුම දේශීය විමර්ශනයක අවශ්‍යතාව මතු කළහ

(සුසිල්-බලන).

Sunday, November 17, 2013

මුරලි රට වෙනුවෙන් දෙවනි යුතුකමත් ඉටුකරයි.





 මුරලි chanal 4 නලිකවට ලබදුන් සාකච්ඡාව

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩක මුත්ත්යිය මුරලිදරන් ඊයේ දිනයයේදී බ්‍රිතනිය අගමති ඩෙවිඩ් කැමරන් මහතා කොළඹ ක්‍රිකට් සංගම් පිටියේදී හමුවිය.එහිදී ඔහු මව්බිමේ අතිවි අති තත්වය අගමති වරයට මනලෙස පහදා දුන්නෙය.මේ අතර මෙම අව්ස්තාව අවර්නය කිරීමට chanal 4 නාලිකවද පමිණ සිටියේය.මෙහිදී ඔහුන් සමග පිළිසදරකට එක්වෙමින් මුරලි අපුරුවට තම මව්රටේ අති වි ඇති තත්වය ලොවට පහදා දුන්නෙය.
 
(සුසිල්-බලන)

ඉංදියව පාට මාරු කරයි.

                  
      මානව හිමිකම් උල්ලංඝණය වු බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් සිදුකර ඇති පරීක්ෂණ පිළිබඳ සෑහීමකට පත්විය හැකි බව ඉන්දීය විදේශ අමාත්‍ය සල්මන් කුර්ෂිඩ් මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව පත්කිරීම තුළින් රජය ඒ පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් සිදුකර ඇති බවයි.
බී.බී.සී. ලෝක සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සල්මන් කුර්ෂිඩ් මහතා මෙම අදහස් පළ කර ඇත.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් විසින් ශ්‍රී ලංකාවේ සිදුවු බව කියන මානව හිමිකම් උල්ලංඝණය වීම් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ ගැටලු වලට ක්ෂණික විසඳුම් ලබාදිය නොහැකි බවයි.
උතුරු, නැගෙනහිර අවතැන් ජනතාව යළි පදිංචි කරවීමේ වැඩසටහන් රජය විසින් ක්‍රියාත්මක කර ඇති අතර ඊට ඉන්දීය රජයේ ද සහයෝගය ලබාදී ඇති බව සල්මන් කුර්ෂිඩ් පවසා තිබේ.
ශ්‍රී ලංකාව සමඟ සෑම අවස්ථාවකම සහයෝගයෙන් කටයුතු කරන බවත් පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහභාගී නොවීම දෙරට අතර ද්විපාර්ශවික සබඳතාවලට බාධාවක් නොවන බවත් ඉන්දීය විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

(සුසිල්-බලන)ලංක සී නිව්ස් ඇසුරේන්

Saturday, November 16, 2013

චාල්ස් කුමරු අද මහනුවර



                             ඔටුන්න හිමි චල්ස් කුමරු අද උදැසන මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගතතේය.ඉන් අනතුරුව එතුම නුවරඑලිය තේ වතු නරබිම සදහා පිටව ගියහ.

(සුසිල්-බලන)

කැමරන් බයිලා කියයි.

              



   මේ දිනවල ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම සඳහා දිවයිනට පැමිණ සිටින බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් මහතා බණ්ඩාරනායක ජාත්‍යන්තර  සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැති මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අයුරු ඡායාරූපයේ දැක්වේ. ශ‍්‍රී ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ පිළිබඳ විනිවිදභාවයෙන් යුතු පරීක්ෂණයක් ලබන මාර්තු මාසයට පෙර සිදුනොකළහොත් තම බලය භාවිත කොට පරීක්ෂණයක් සිදුකරන බව ඔහු එහිදී පවසා තිබිණ.

(සුසිල්-බලන)

Friday, November 15, 2013

23 වෙනි පොදු රජ්‍ය මණ්ඩලීය නායක සමුලුවේ සමුහ ජායා රුපය

           23 වෙනි පොදු රජ්‍ය මණ්ඩලීය නායක සමුලුවේ සමුහ ජායා රුපය

(සුසිල්-බලන)

විදේශ නියෝජිතයෝ උතුරේ

                          

බ්‍රිතාන්‍යය අගමැති

                                              නවසීලන්ත විදේශ ඇමති
                          පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමළුව වෙනුවෙන් මෙරටට පැමිණ සිටින බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන්මහතා සහ නවසීලන්ත විදේශ කටයුතු ඇමති   මැක් කලී අතුලු  නවසීලන්ත මහ කොමසාරිස්  ජෑන් හෙන්ඩර්සන් මහත්මිය  ඇතළු  නියෝජිතයෝ හය දෙනෙක්   උතුරු පළාත් සභා මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීන් පිරිසක් යාපනයේ පුස්තකාලයේදී සාකච්චාවක් ආරම්භ කර තිබේ.
                           මේ හේතුවෙන් යාපනය පුස්තකාලය අවට ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති අතර යුද්ධය නිසා සිය සැමියන් දරුවන් අතුරුදහන් වූ බව කියන යාපනයේ වැසියන් පිරිසක් බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍යවරයා හා ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීන් අතර සාකච්ඡාව පැවැත්වෙන ස්ථානය අසළ උද්ඝෝෂණයක්  පැවැත්වීමට කටයුතු යොදා ඇත.
       මෙ අතර ඊයේ දිනයේදී  බි‍්‍රතාන්‍ය,  ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාවේ විදේශ කටයුතු ලේකම්වරුන් සහ දෙමළ ජාතික සන්ධානය අතර සාකච්ඡවක් ඊයේ කොළඹදී පවත්වා තිබේ.
මෙම හමුව සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා මෙරටට පැමිණ සිටින බි‍්‍රතාන්‍ය විදේශ කටයුතු ලේකම් විලියම් හේග්,  ඕස්ටේ‍්‍රලියානු විදේශ කටයුතු ලේකම් ජුලියා බිෂෆ් සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සුජාතා සිං සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරන්, සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන්, මාවෙයි සේනාධිරාජා සහ සෙල්වම් අඩෙක්කලනාදන් යන මහත්වරු සහභාගිවී තිබේ.
එහිදී උතුරු පළාතෙන් හමුදාව ඉවත් කර ජනතාව නැවත පදිංචි කරවා ජාතික ගැටලූවට විසඳුමක් ලබා ගැනීම සම්බන්ධයෙන් මොවුන් සමග අදහස් හුවමාරු කරගත් බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුරේස් පේ‍්‍රමචන්ද්‍ර මහතා පවසයි.
ජාතික ගැටලූවට විසඳුමක් ලබා දීම සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය විදේශ කටයුතු ලේකම්වරයාගේ විශේෂ අවධානයක් එහිදී යොමු වු බව ද සුරේෂ් පේ‍්‍රමචන්ද්‍ර මන්ත‍්‍රීවරයා පැවසීය..


(සුසිල්-බලන)

Thursday, November 14, 2013

ශ්‍රි ලංකාව දැන් දියුණුයි.

       




පොදු රාජ්‍ය මණ්ඩයේ  නායක සමුළුව  චාල්ස් කුමරු විවෘත කරමින් පැවසුයේ ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයේ ආරම්භක රටක් බවයි.

තම වැසියන්ගේ යහපත වෙනුවෙන්  හැම විටම ක්‍රියා කරමින් නීතිය සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය සුරකිමින් ක්‍රියා කිරීමත් පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රඥප්තිය සුරැකීමත් එහි සාමාජිකයන්ගේ වගකීම හා යුතුකම බව කියා සිටියේය.

මහ රැජින පසුගිය හැට වසරේදී  සිදු කළ මෙහෙවර සිහි කළ චාල්ස් කුමාරයා එතුමියගේ සුභ පැතුම්ද එක් කළේය.

2005 සුනාමියෙන් පසු අවසන් වරට ශ්‍රී ලංකාවට පැමිණි බවත් එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවේ සංවර්ධනය ගැන බලවත් සතුටට පත් වන බවත් සංවර්ධනයට යන ගමනේදි සියලු කැලැල් සුවපත් කැරගෙන ඉදිරියට යා යුතු බවත් චාල්ස් කුමාරයා කීවේය.

(සුසිල්බලන)

ජනපති CHOGM අමතයි.

                     

 පොදුරාජ්‍ය මණ්ඩලය තීන්දු හෝ දඬුවම්දීමේ ආයතනයක් නොවිය යුතු බවත් එය ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් ක්‍රියා කරන ආයතනයක් විය යුතු බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
ධම්මපදයේ ගාථාවක් ද  උපුටා දක්වමින්, අනුන් කළ නොකළ දේ ගැන නොසොයා තමන් කළ නොකළ දේ පමණක්  සොයා බැලීම අපේ යතුකම විය යුතුයැයිද ජනාධිපතිවරයා පැවසුවේ අද කොළඹ නෙලූම් පොකුණ රඟහලේදී ආරම්භ වුණු 23 වන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක හමුව අමතමිනි.
                            ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය අවසන් කිරීමෙන් පසුව 2009 වසරේ සිට මේ දක්වා මෙරට තුළ කිසිදු ත්‍රස්ත ක්‍රියාවක් සිදුව නැතැයිද සඳහන් කල ජනාධිපතිතුමා ජනතාවට නිදහසේ ජීවත්වීමේ වැදගත්ම මානව හිමිකම් අයිතිය රජය විසින් තහවුරු කර ඇතැයි ද කීය.
              වසර 24කට පසු ආසියාවේ පැවැත්වෙන මෙම සමුළුව පොදුරාජ්‍ය මණ්ඩලයීය සංවිධානයේ ආරම්භක සාමාජිකයින් 08 දෙනාගෙන් එක් සාමාජිකයෙකු වශයෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට හැකි වූ බවත් රටේ සාමය සහ ස්ථායිතාව තහවුරු කිරීම නිසා මෙය පැවැත්වීමට හැකි වී ඇති බවත් ජනාධිපතිතුමන් එහිදී කීය.
දැනටමත් ශ්‍රී ලංකාව සහශ්‍රක සංවර්ධන අභිමතාර්ථවලින් රැසක් සපුරා ගෙන ඇති බවත්, දිළිඳුකම 6.5% දක්වා අඩු වී ඇති බවත් සඳහන් කල ජනාධිපතිතුමන් ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට පත් කිරීම තම අපේක්ෂාව බවද පෙන්වා දුන්නේය.

(සුසිල්-බලන)

බි‍්‍රතාන්‍ය ඔටුන්න හිමි චාල්ස් කුමරු ලංකවට

                         බි‍්‍රතාන්‍ය ඔටුන්න හිමි චාල්ස් කුමරු මීට ටික වේලාවකට පෙර දිවයිනට පැමිණියේය. කටුනායක ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේදී කුමරු හරසරින් පිළිගනු ලැබිණ.
 
 (සුසිල්-බලන)

Wednesday, November 13, 2013

පොදු රජ්‍යමණ්ඩලීය නයක සමුලුව 2013

පොදු රාජ්‍යය  මණ්ඩලීය රාජ්‍යය නායක නිල ලාංඡනය ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වන නිල් මහනෙල් මලයි.
විවිධ වර්ණ සහිත පෙති වලින් නිරූපණය වනුයේ විවිධත්වය, උනන්දුව හා පොදු රාජ්‍යය මණ්ඩලීය රටවල සමගියයි.
    

                                      පොදු රජ්‍යමණ්ඩලීය  ලාංචනය

රන් හා නිල් පැහැය ගනී ලෝක ගෝලය වටා විහිදෙන කිරණ (ඉරි) 61 කින් ඉංග්‍රීසි  "සී" අකුර කොමන්වෙල්ත් (පොදු රාජ්‍යය  මණ්ඩලය) යනුවෙන් යොදා ඇත



දෙවසරකට වරක් රැස්වී ජගත් පොදු රාජ්‍ය  මණ්ඩලීය රාජ්‍ය නයකයෝ  මණ්ඩලීය ප්‍රශ්න සාකච්ඡා කරයි. සාමුහික තීරණ  ප්‍රතිපත්ති  හා මාර්ගෝපදේශකත්වය පෙන්වයි.
රටවල් 53 ක් සාමාජිකත්වය ලබා සිටී සමුළුවේ නායිකාව දෙවැනි එලිසබෙත් මහ රැජිනයි. ඇගේ වයස අවුරු 87 කි ඇය වෙනුවෙන් ඇගේ පුත් චාල්ස් කුමාරයා සමුළුවට සහභාගී වේ. ශ්‍රී  ලංකාවේ පැවැත්වෙනුයේ 22 වැනි සමුළුවයි.
මෙම සමුළුවේ සභාපති පදවියට පත් වන  ශ්‍රී  ලංකා රාජ්‍යය නායක මහින්ද රාජපක්ෂ ජනපති දෙවසරක් එම පදවිය හොබවයි.

                                                ආරක්ෂව


යුද ,නාවික ගුවන් හමුදාව  හා පොලීසිය ද ජනාධිපති  හා ඇමැති ආරක්ෂක අංශය ද රාජ්‍ය නායක ආරක්ෂාව භාරව සිටි.

  • සමීප ආරක්ෂාවට නිලධරයෝ 676 ක් සිටිති.
     
  • ආරක්ෂක නිලධරයෝ 14000 කි.
     
  • සහාය ආරක්ෂක  හා අතිරේක භට පිරිස් 40000
     
  • පොලීසිය 20000
     
  • රථ වාහන පොලීසිය 5000
  •                                                                    ප්‍රවහන

    සියලු කටයුතු සදහා වෙන් කළ වාහන ගණන 845 කි ඒ අතර වෙඩ් නොවදින මර්සිඩීස් බෙන්ස් කාර් 54 කි නිසාන් ටීනා කාර් 110 කි සුඛෝපභෝගී බස් 100 කි ලෑන්ඩ් රෝව(ර්)  200 කි


    ප්‍රධාන සමුළුව කොළඹ නෙළුම් පොකුණ මහින්ද  රාජපක්ෂ රඟහලේදී . ප්‍රධාන සමුළු සාකච්ජා සහ සමුළු කටයුතු බණ්ඩාරනායක අන්තර්ජාතික සමමන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

    රාජ්‍යය නායකයෝ බත්තරමුල්ල  වෝටර්ස් ඒජ් හිදී  විවේකී  සාකච්ඡා තුනක් පවත්වති.










    පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ සංසදය මාගම්පුර රුහුණූ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි මුළු දෙයි.







                                               පොදු රජ්‍ය මණ්ඩලීය රටවල්

     
     
    (සුසිල්-බලන)


    කොටින් සිදු කළ යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර විමර්ශනයක්‌ කළ යුතුයි .

               

                               කොටි සංවිධානය සිදු කළ යුද අපරාධ ගැන වහාම ජාත්‍යන්තර විමර්ශනයක්‌ කළ යුතු යෑයි චැනල් 4 චිත්‍රපට අධ්‍යක්‍ෂ කැලම් මැක්‌රේ ඊයේ (12 දා) දහවල් කොළඹදී විශේෂ සාකච්ඡාවක්‌ පවත්වමින් ප්‍රකාශ කළේය.

    ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා හමුදාවට පමණක්‌ චැනල් 4 චිත්‍රපට මගින් යුද අපරාධ චෝදනා එල්ල කිරීම සාධාරණදැයි විමසූ අවස්‌ථාවේදීය.

    ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව ඉදිරිපත් වූ චෝදනා ගැන පමණක්‌ විමර්ශනය කළ යුතු යෑයි තමා කියන්නේ නැතැයි ද ඔහු කීවේය.

    ශ්‍රී ලංකාව පමණක්‌ නොව ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය සිදු කළ යුද අපරාධ ගැන ද විමර්ශනය කළ යුතු බව ඔහු තවදුරටත් කියා සිටියේය.

    ශ්‍රී ලංකාවට එරෙහි තමාගේ න්‍යාය පත්‍රයක්‌ නැතැයි සඳහන් කළ මැක්‌රේ කොටි සංවිධානය යුද අපරාධ සිදු කළ බව පිළිගන්නා බව ද සඳහන් කළේය.

    තමා බ්‍රිතාන්‍ය ජාතිකයෙක්‌ බවත් බ්‍රිතාන්‍ය හමුදා ඉරාකයේ සිදුකළ යුද අපරාධ ගැන හෙළි කළ බවත් මැක්‌රේ පැවසීය.

    "දිවයින" නැගූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දැක්‌වූ මැක්‌රේ සිය චැනල් 4 චිත්‍රපටවලට මුලින්ම දායක වූයේ ජර්මනියේ සිටින ඡේ. ඩී. එස්‌. නමැති මාධ්‍ය කණ්‌ඩායම බවත් ඔවුන් සිංහල හා ද්‍රවිඩ මාධ්‍ය පාර්ශ්ව යෑයි ද කීවේය.

    ඡේ. ඩී. එස්‌. කණ්‌ඩායමේ පසුබිම තමා සෙව්වේ නැතැයි මැක්‌රේ පිළිගත්තේය.

    යුද්ධයකදී සිවිල් වැසියන් ඝාතනය වීම වැරදි ක්‍රියාවක්‌ බවත් පැවසූ මැක්‌රේ ඇමරිකාව හා බ්‍රිතාන්‍ය එවන් දේ කළත් එය වැරැද්දක්‌ යෑයි පැවසීය.

    "මට කොටින්ගේ කොන්ත්‍රාත්කරුවකු යෑයි චෝදනා කෙරෙනවා. එහෙත් මා මාධ්‍යවේදියෙක්‌. මගේ අරමුණ ගවේෂණාත්මක පුවත් සෙවීමයි" යෑයි ද ඔහු තවදුරටත් සඳහන් කළේය.

    බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා නැගීම ගැන නැගූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දැක්‌වූ මැක්‌රේ ඉරාකයේ සිදු වූ යුද අපරාධ ගැන බ්‍රිතාන්‍ය හමුදාවට චෝදනා එල්ල වී ඇති බව ද කීවේය.

    එක්‌සත් ජාතීන්ගේ වාර්තාවට අනුව 40,000 ක පිරිසක්‌ ද තමාට ලැබුණු වාර්තා අනුව 70,000 ක්‌ ද අතුරුදන්වී ඇති බව පැවසූ මැක්‌රේ අතුරුදන් වූවන් ගැන කිසිවක්‌ නොදන්නා බව කීය. ඒ ගැන සෙවීමට රජය ක්‍රියා කළ යුතු බව ද කීවේය.

    අපි කවුරුත් දන්නෑ කීදෙනෙක්‌ අතුරුදන් වුණාද කියලා. ඒ නිසයි ඒ ගැන සෙවිය යුත්තේ යෑයි හෙතෙම කීවේය.

    ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර කොටි න්‍යායාචාර්යවරිය වූ ඇඩෙලා බාලසිංහම් හමුවීම ගැන නැගූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දැක්‌වූ මැක්‌රේ තමා කිසි විටෙක ඇයව හමුවූයේ නැතැයි ද කීවේය.

    ඇය කොටි සමඟ එක්‌ව ක්‍රියා කළ බව තමා දන්නා බව ද හෙතෙම සඳහන් කළේය.

    තමාගේ ක්‍රියාදාමය කෙරේ ශ්‍රී ලංකාවේ ජනතාව තුළ වැරදි අවබෝධයක්‌ ඇති බව පැවසූ කැලම් මැක්‌රේ ශ්‍රී ලංකා හමුදාවට එල්ල වී ඇති චෝදනා ගැන පමණක්‌ සෙවීම වැරදි බවත් කොටි කළ අපරාධ ගැන ද ජාත්‍යන්තර විමර්ශනයක්‌ කළ යුතු බවත් කියා සිටියේය.



    (සුසිල්-බලන)

    Tuesday, November 12, 2013

    පොදු රාජ්‍ය මණ්ඩලීය වියාපරික සමූලුව ඇරබෙයි.

    .

                    පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සමුළුව කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී අද ඇරැඹිණි.
    මහින්ද රාජපක්ෂ ජනපති සමුළුව විවෘත කළේය. පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල ව්‍යාපාරිකයෝ  සහ පොදු රජ්‍ය මංඩලීය රට වලට අයත් නොවන රටවල වියපරිකයන් 1500 පමණ පිරිසක් මෙයට සහභාගි විය.මෙවැනි විශල පිරිසක් පොදු රජ්‍ය මන්ඩලීය වියපරික සමුලුවකට සහභාගී වු ප්‍රථම අවස්තව මෙය බව මෙහි ලේකම් පවසීය,විශේෂය නම්චීන මහජන අන්ඩුව නියොජනය කරමින් වියපරිකයන් 100 පමණ සහභාගි විය.ඕස්ට්‍රේලියාවේ කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර්  ද ඒ අතර විය.

    (සුසිල්-බලන)

    Monday, November 11, 2013

    අපිට අපේම පරිඝණකයක්

                              


             ඊ-විශ්  නමින් ශ්‍රි ලංකික අපට අපේම පරිඝණකයක් ලබා ගැනීමට දැන් අවස්සතව.පසුගිය 8 වැනිද හම්බන්තොට සුරියවැව ඉදි කරණු ලැබු  ඊ -විශ් කර්මන්ත ශාලාව මගින් ශ්‍රි ලාංකික අපි හට අපේම පරිඝණ්කයක් ලබාගැනීමට  හැකි බව එය විවුර්ත කරමින් ජනපති මහින්ද රාජපක්ෂ  පැවසීය.


    (සුසිල්-බලන)

    Saturday, November 9, 2013

    ඓශ්චර්යිට 40 ලු දැන්

                                     බොලිවුඩය වගේම මුළු ලෝකයම වසඟ කරන බොලිවුඩයේ සුපිරි සුරූපිණිය ඓශ්වර්යා රායි පසුගියදා ඇගේ 40 වැනි උපන් දිනය සැමරුවා. ඒත් ඇගේ උපන් දින සැමරුම සිදු වෙලා තිබුණේ බොහොම අප්‍රසිද්ධියේ.
                     උපන් දිනය අප්‍රසිද්ධියේ සැමරුණත් උපන් දිනය දවසේ ඇය කියාපු දෙයක් බොහොම ප්‍රසිද්ධ වෙලා තිබුණා. ඓශ්වර්යා ඒ කතාව කියලා තිබුණේ තමන්ගේ දුව ආරාධ්‍යා ගැන. “මගේ ජීවිතේදී මෙතෙක් කාලෙකට මට ලැබුණු හොඳම තෑග්ග තමයි මගේ දුව ආරාධ්‍යා” ඓශ්වර්යා කියලා තිබුණේ එහෙම. ඓශ්වර්යාගේ මේ කතාවට ලොකු ප්‍රසිද්ධියක් ලැබෙන්න තවත් හේතුවක් තමයි ආරාධ්‍යාගේ උපන් දිනයත් මේ මාසයේ තිබිම. කොහොම වුණත් ඓශ්වර්යා මේ කියපු කතාව ඇත්තම ඇත්තක් බව කවුරුත් කියන්නේ ඇය ආරාධ්‍යා වෙනුවෙන් අවුරුදු දෙකක් විතර රංගනයෙන් ඈත් වෙලා හොඳ අම්මා කෙනෙක් වුණු නිසා.

    (සුසිල්-බලන)7.45pm

    ඉන්දීය අගමැති CHOGM නොයයි.

                    පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි නොවන බව ඉන්දීය අගමැතිවරයා ඉදිරි පැය 24 තුළ ලිපියකින් ශ්‍රී ලංකා රජයට දැනුම්දීමට නියමිත බව ඉන්දීය රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කරයි.

    තමිල්නාඩු‍ දේශපාලන පක්ෂවලින් එල්ල වන බලපෑම් හමුවේ පොදුරද සමුළුවට මන්මෝහන් සිං මහතා සහභාගිවීම අවිනිශ්චිත බව එම වාර්තා මගින් පෙන්වාදෙයි.
    සමුළුවට සහභාගී වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි ඇතුළු ජ්‍යෙෂ්ඨයින් සමගද මන්මෝහන් සිං මහතා ඊයේ තීරණාත්මක සාකච්ඡා පවත්වා තිබුණි.

    කෙසේ වුවද එම සාකච්ඡාවලදී නිල තීරණයක් ප්‍රකාශයට පත් නොකෙරුණු අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ තමිල්නාඩු දේශපාලන පක්ෂවලින් එල්ල වන බලපෑම් හමුවේ ඉන්දීය අගමැතිවරයා ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරද සමුළුවට සහභාගි නොවනු ඇති බවකි.
    ඉන්දීය අගමැතිවරයා වෙනුවට විදේශ කටයුතු අමාත්‍ය සල්මන් කුර්ෂිඩ් මහතා පොදුරද සමුළුව නියෝජනය කරන බව එම වාර්තාවල දැක්විණ.

    ඉන්දීය මධ්‍යම රජයේ ඉහළම පෙළේ ආරංචි මාර්ග උපුටා දක්වමින් එන්.ඩී.ටී.වී. රූපවාහිනි සේවාව ඊයේ අනාවරණය කළේ දකුණු ඉන්දීයාවෙන් පමණක් නොව, ඉන්දීය මධ්‍යම රජයේ ප්‍රබල ඇමැතිවරුන් කිහිප දෙනෙක් ද ශ්‍රි ලංකාවේ සමුළුවට නොයන ලෙසට අගමැති මන්මෝහන්සිං මහතාට බලපෑම් කර ඇති බවකි.
    ඉන්දීය නාවික කටයුතු ඇමැති ජී.කේ.වසන්, මුදල් ඇමැති පී. චිතම්බරම් සහ මධ්‍යම රජයේ ඇමැතිවරියක වන ජයන්ති නටරාජන් යන අය එලෙස ඉන්දීය අගමැතිවරයා පොදුරද සමුළුවට සහභාගී වීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළකර ඇතැයිද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    (සුසිල් -බලන)6.20pm

    14 වැනිද මනමොහං සිං ශ්‍රී ලන්කාවට

            
    ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහත්මා සහභාගී වීමට තීරණය කර ඇතැයි ඉන්දීය රාජතාන්ත‍්‍රික ආරංචි මාර්ග පවසයි.
    ඒ අනුව ලබන 15 වෙනිදා කොළඹදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල නායකයන්ගේ සමුළුවට සහභාගි වීම සඳහා ඒ මහතා ලබන 14 වෙනිදා ලංකාව බලා පැමිණෙනු ඇත.
    ඉන්දීය දේශපාලන උපදේශකයන් දිගින් දිගටම අවධාරණය කර තිබුනේ මෙම සමුළුවට සහභාගී නොවීම ශ‍්‍රී ලංකාව තව තවත් චීනයට ලංවීමට හේතුවක් කර ගනු ඇති බවත් එය උපායමාර්ගිකව ඉන්දියාවට අනතුරක් බවත්ය.

    (සුසිල්-බලන)2.00pm

    Friday, November 8, 2013

    විශ්ව විද්‍යල කඩයිම් ලකුණු නිකුත්වෙයි.

                              



      විශ්ව විද්‍යල කඩයිම් ලකුණු විශ්ව විද්‍යල කොමිෂන් සභාව මගින් අද ඉකුත් කරන ලදී. 2012 වර්ෂයේ උසස්පෙළ සමතුන් 23000අසන්න සංකියාවක් මෙවර විශ්ව විද්‍යල සදහා බදවා ගැනේයි.
     http://www.rivira.lk/edition/images/2013/11nov/img/cop_2012_2013-sinhalaold.pdf  මගින් පැරණි නිර්දේශේ කඩයිම් ලකුණු දැකගැනීමට හැක.
    http://www.rivira.lk/edition/images/2013/11nov/img/cop_2012_2013-sinhalanew.pdf මගින් නව නිර්දෙසේ කඩයිම් ලකුණු දැනගැනීමට හැක.

    (සුසිල් -බලන)7.45pm

    Thursday, November 7, 2013

    හම්බංතොට ලොකයේ සුපිරි නගරයක් වෙන ලකුණු.

                                    

         අනාගත හම්බන්තොට
    
    
    ගුවන් තොටුපොල
    සම්මන්ත්‍රන ශාලාව
    
    
    මර්ග පද්දතිය
    
                                     ජතියන්ත්‍රර වරාය

     2005 මහින්ද රජපක්ෂ ජන පති වු පසු හම්බන්තොට සීග්‍ර දියුනුවක් කරා ගමන් කරමින් තිබේ.දැනටමත් ශ්‍රි ලංකව  තුල ගොඩනගෙමින් තිබෙන සලසුම් ගත විශාලම නගරය බවට මෙය පත්ව ඇත.මේ යත්තේ  දැනටමත් ජතියන්තර ගුවන්තොටුපොලක්,ජතියන්තර වරයක්,ජතියන්තර ක්‍රිකට් ක්‍රීඩාන්ගනයක්  සහ ජතියන්තර ප්‍රමිතීන්ගෙන් යුත් සම්මන්ත්‍රන ශාලාවක් මෙහි ඉදිවී තිබේ.
                                                           පසුගිය දා මහින්ද රජපක්ෂ ජනාදිපති තුමන් විසින් මෙම ජතියන්තර සම්මන්ත්‍රන ශාලාව විවුත කරන ලදි.

    (සුසිල්-බලන)12.00pm

    හැකර්කරුවන්ගෙන් windows මෙහෙයුම් පද්දතියට බලපැම්.

                                                             තම මෙහෙයුම් පද්ධති වෙත අන්තර්ජාල හැකර්කරුවන් විසින් ප‍්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක් ඇතැයි මයික්‍රොසොෆ්ට් සමාගම අනතුරු අඟවයි.
    ඊ මේල් ගිණුමක් විවෘත කිරීමකට හෝ වෙබ් අඩවියක් වෙතට පිවිසීමකට ආරාධනාවක් සිදු කර හෝ සිය පාරිභෝගිකයන්ගේ පරිගණක තුළට පිවිසීමේ සූක්ෂම උපායක් මොවුන් අනුගමනය කරන බව මයික්‍රොසොෆ්ට් සමාගම පවසයි.
                 
    මෙය හිතාමතාම ඉලක්කගතව සිදු කරන පහරදීමක් ලෙස හදුන්වන එම සමාගම, ඒ පිළිබදව පරීක්ෂණ පවත්වන බවද කියා සිටී.

                    දැනට හදුනාගෙන ඇති ආකාරයට මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් විස්ටා, වින්ඩෝස් සර්වර් 2008, ඔෆිස් 2003-2010 සහ Microsoft Lync  යන තම සමාගමේ මෙහෙයුම් පද්ධති සහ මෘදුකාංග වෙත මෙය බලපෑම් එල්ල කරන බව මොවුන් අනාවරණය කරති.
    කෙසේ වෙතත් මේ වනවිට පවතින වින්ඩෝස් සහ ඔෆිස් සංස්කරණ සදහා මින් බලපෑමක් එල්ල නොවී තිබෙන බවද ඔවුන් වැඩිදුරටත් අවධාරණය කර සිටී.
                    මේ අතරම ඉහත මෘදුකාංග සංස්කරණ භාවිතා කරන සිය පාරිභොගිකයන් වෙත දැනුවත් කිරීමේ උපදෙස්ද ලබාදීමට මයික්‍රොසොෆ්ට් බලධාරීහු කටයුතු යොදා තිබේ.

    ((සුසිල්-බලන)10.00am

    ජතික රෝහලේ හෙලිකොප්ටර් අන්ගනයත් සුදානම්.

                              පොදු රාජ්‍ය මණ්‌ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වන රාජ්‍ය නායකයන් හදිසියේ රෝගී වුවොත් ජාතික රෝහල වෙත වහා රැගෙන ඒම සඳහා එම රෝහලේ හෙලිකොප්ටර් අංගන සූදානම් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙක්‌  ප්‍රකාශ කළේය. නායක සමුළුවට පැමිණෙන රාජ්‍ය නායකයන් වෙනුවෙන් ප්‍රථම වරට මෙම හෙලිකොප්ටර් අංගනය ඊයේ ගුවන් හමුදා තත්ත්ව පරීක්‍ෂණ නිලධාරීන් විසින් පරීක්‍ෂාවට ලක්‌කරන ලදී.

    ආලෝක තත්ත්වයක්‌ තුළදී මෙන්ම ආලෝකය නොමැති අවස්‌ථාවන්හිදීද මෙම හෙලිකොප්ටර් අංගනය භාවිත කළයුතු ආකාරය පිළිබඳ අවස්‌ථා තුනකදී පරීක්‍ෂාවට ලක්‌ කොට ඇත. ඒ අනුව මෙම හෙලිකොප්ටර් අංගනය ඉතා ඉහළ මට්‌ටමින් පවතින බව ගුවන් හමුදා නිලධාරීන් කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට ප්‍රකාශ කළ බව ඉහත නිලධාරියා ප්‍රකාශ කළේය.

    මීට අමතරව රාජ්‍ය නායක සමුළුවට සහභාගි වන රාජ්‍ය නායකයන් ඇතුළු විදෙස්‌ නියෝජිතයන්ට අවශ්‍ය සෞඛ්‍ය සත්කාරක පහසුකම් ලබා දීම සඳහා කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේ විශේෂ ඒකකයක්‌ද ස්‌ථාපිත කර තිබේ. එමගින් පුද්ගලයන් පන්දහසකට පමණ පහසුකම් ලබාදීමට හැකියාව ඇතැයි ඉහත නිලධාරියා කිවේය.

    තවද හදිසි ආපදාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා අති නවීන ගිලන් රථ 80 ක්‌ද සූදානම් කර ඇති අතර වෛද්‍ය කණ්‌ඩායම් සහ මහජන සෞඛ්‍ය නිලධාරීන්ද පැය 24 ක්‌ පුරා ගුවන්තොටුපළ පරිශ්‍රයේ යොදවා ඇතැයිද හෙතෙම කීවේය.


    (සුසිල්-බලන)

    Wednesday, November 6, 2013

    20-21 පර්ලිමේන්තුවට විශේෂ ආරක්ෂාවක්.

                       ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා මුදල් හා ක්‍රමසම්පාදන ඇමැතිවරයා ලෙස මෙම 21 වැනිදා අයවැය වාර්තාව ඉදිරිපත් කරන නිසා එදින පාර්ලිමේන්තුව හා ඒ අවට ආරක්‌ෂාව දැඩි කරන බව නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්‌කොඩි මහතා ඊයේ (05 දා) පාර්ලිමේන්තුවේදී මැති ඇමැතිවරුන්ට දැනුම් දුන්නේය.

    මෙම විශේෂ ආරක්‌ෂක විධිවිධාන යටතේ 20 වැනිදා සහ 21 වැනිදා මන්ත්‍රීවරුන්ගේ විවේක කාමර, ඇඳුම් කාමර ඇතුළු පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල ආරක්‌ෂක අංශ විසින් සෝදිසි කරන බවද, අයවැය වාර්තාව ඉදිරිපත් කරන 21 වැනිදා පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය ආරාධිතයන්ට පමණක්‌ සීමා කරන බවද නියෝජ්‍ය කථානායකවරයා දැනුම් දුන්නේය.

    එදින මන්ත්‍රීවරුන්ගේ රථගාල වසා තබන බවද කලත්‍රයා හෝ අමුත්තන් කැටුව එන මන්ත්‍රීවරුන්ට මන්ත්‍රී පිවිසුමේදී සිය රථයෙන් බැස පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලට පිවිසිය හැකි බවද ඔහු කීවේය. ගැලරියට පැමිණෙන අමුත්තන්ට ජයන්තිපුර සිට මහජන පිවිසුම දක්‌වා ප්‍රවාහන පහසුකම් ලබාදෙන අතර තමන්ම තම රථය පදවා එන මන්ත්‍රීවරුන්ට වාහනය රථගාලේ ගාල් කිරීම සඳහා මන්ත්‍රී පිවිසුමේ හා මහජන පිවිසුමේ පාර්ලිමේන්තු රියෑදුරන් යොදවා ඇතැයි ද නියෝජ්‍ය කථානායකවරයා කීවේය. එදින පාර්ලිමේන්තු පොලිසිය සහ සමීප පොලිස්‌ ස්‌ථාන විසින් විශේෂ රථවාහන සැලසුමක්‌ ක්‍රියාත්මක කරන බවද නියෝජ්‍ය කථානායකවරයා මන්ත්‍රීවරුන්ට දැනුම් දුන්නේය.


    (සුසිල්-බලන)10.30pm

    Tuesday, November 5, 2013

    ප්‍රබුන්ට ගෙන සුකෝපබෝගී කාර්.










    පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් ආනයනය කරන ලද මර්සිඞීස් බෙන්ස් එස්-400 හයිබි‍්‍රඞ් වර්ගයේ මෝටර් රථ 54 ක්  කොළභ දැඩි රැකවල් මැද නවතා තිබුනි.

    (සුසිල්-බලන)08.45pm

    UNP සියලුම නායකකම් රනිල්ට.

    සිරිකොතේදී ඊයේ (4 වැනිදා) සවස 04.00 ට පමණ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරී රැස්‌වීම පැවැති අතර එහිදී ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා වී ඇත්තේ පිහිටුවීමට යන මෙම නායකත්ව මණ්‌ඩලය සම්බන්ධවය.

    මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා නැගී සිsටිමින් කියා ඇත්තේ නායකත්ව මණ්‌ඩලයේ සභාපති ධුරය දරනු ලබන තැනැත්තා කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේ නායකයා විය යුතු බවත් එසේ නැතිනම් තමා මෙම මණ්‌ඩලයෙන් ඉවත්වන බවත්ය.

    කෙසේ වෙතත් විවිධ තර්ක, විතර්ක මැද ඉහත නව දෙනාගේ නම් එජාප නායකත්ව මණ්‌ඩලයට සාමාජිකයන් වශයෙන් පත්ව ඇති අතර එම සාමාජිකයන් අද (5 වැනිදා) පෙරවරු 10.00 ට සිරිකොතදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්‌ද පැවැත්වීමට නියමිතය.

    ඒ අනුව එක්‌සත් ජාතික පක්‌ෂයේ නායකයා වෙත පක්‌ෂ කෘත්‍යාධිකාරී මණ්‌ඩලය විසින් පවරා ඇති සියලුම වගකීම් ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙම නායකත්ව මණ්‌ඩලය වෙත පැවරේ.

    එජාපයේ පැවැති නායකත්ව අර්බුදය විසඳීම සඳහා නායකත්ව මණ්‌ඩලයක්‌ පත්කරන ලෙස එක්‌සත් භික්‌ෂු පෙරමුණ විසින් යෝජනා කළ අතර ඒ අනුව එජාපයේ ප්‍රධාන නායකයන් තිදෙනා වන රනිල්, කරු, සජිත් යන මහත්වරුන් මීට පෙර අවස්‌ථා දෙකකදී සහ ඊයේ (04 දා) පෙරවරුවේද හමුවී ඒ සම්බන්ධව සාකච්ඡා පැවැත්වීය.

    ඊයේ (4 දා) පෙරවරුවේදී පැවැත්වූ සාකච්ඡාවලදී නායකත්ව මණ්‌ඩලය සම්බන්ධව සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කිහිපයක්‌ ගෙනවිත් ඇති අතර නායකත්ව මණ්‌ඩලයේ සභාපතිත්වය දරන්නා කෘත්‍යාධිකාරී මණ්‌ඩලයේ සභාපති ධුරය දැරිය යුතු යෑයිද එය පක්‌ෂයේ ව්‍යවස්‌ථාවට ඇතුළත් කළ යුතු බවද පවසා තිබේ.


    (සුසිල්-බලන්)8.05pm

    ඉන්දීය අගමති යාපනයට

    අගමැති ආචාර්ය මන්මෝහන් සිං මහතාට තමන් යාපනයට පැමිණෙන ලෙස ආරාධනය කළේ රජයේ කොන්ත්‍රාත්තුවක්‌ ඉටු කිරීමට නොවන බව උතුර පළාත් ප්‍රධාන ඇමැති සී. වී. විග්නේශ්වරන් මහතා යාපනයේදී මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කොට තිබේ.

    පොදු රාජ්‍ය මණ්‌ඩලයීය සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අවස්‌ථාවක ඉන්දීය අගමැතිවරයාට යාපනයට පැමිණෙන ලෙස උතුර පළාත් ප්‍රධාන ඇමැතිවරයා ආරාධනය කොට ඇත්තේ ඔහු ව්‍යංගයෙන් ශ්‍රී ලංකාවට කැඳවා සමුළුවට සහභාගි කරවීම පිණිස දැයි යාපනයේ මාධ්‍යවේදීන් ප්‍රධාන ඇමැතිවරයාගෙන් ප්‍රශ්න කොට තිබේ.

    ඊට පිළිතුරු දුන් ප්‍රධාන ඇමැතිවරයා ප්‍රකාශ කොට ඇත්තේ ඉන්දියාවේ බලපෑම මත ශ්‍රී ලංකා රජය උතුර පළාත් සභා මැතිවරණය පැවැත්වූ බවත් ඒ නිසාම දෙමළ ජාතික සන්ධානයට එහි බලය හිමිවූ බවත් ය. ඊට කෘතගුණ සැලකීමක්‌ වශයෙනුත් ඉන්දියාව සමග උතුර දැඩි සමීප සම්බන්ධතාවක්‌ ගොඩනගාගැනීමට ඇති අවංක උත්සාහයත් නිසා පමණක්‌ ඉන්දීය අගමැතිවරයාට යාපනයට පැමිණෙන ලෙස තමන් ආරාධනය කළ වගද සී. වී. විග්නේශ්වරන් ප්‍රධාන ඇමැතිවරයා මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කොට තිබේ.

    ශ්‍රී ලංකා රජයට මේ අවස්‌ථාවේදී ඉන්දීය අගමැතිවරයා පොදු රාජ්‍ය මණ්‌ඩලයීය සමුළුවට සහභාගි කරවා ගැනීමට දැඩි වුවමනාවක්‌ ඇතත් තමන් ඊට උදව්වන අන්දමේ රජයේ කොන්ත්‍රාත්තුවක්‌ ඉටු නොකළ බව ද ප්‍රධාන ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කොට තිබේ.
      

    (සුසිල්-බලන)8.30pm

    2016 වන විට කොළභ මුඩුක්කු කිසිවක් නැහැ.

                                         කොළඹ  නගරයෙන් පැල්පත් හා මුඩුක්කු නිවාස සියල්ල වසර 2016 වනවිට ඉවත් කරන බවත් ඒ වෙනුවට පහසුමක් සහිත නිවාස ඒකක 30000 ක් ඉදිකෙරෙන බවත් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
    එහි පළමු පියවර යටතේ දෙමටගොඩ ඉදිකළ ‘මිහිදුසෙන්පුර’ මහල් නිවාස ව්‍යාපෘතිය  මෙම 18 වෙනි දින පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරෙන බව ද බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවහි ප‍්‍රවෘත්ති සාකච්ජාවකදී ලේකම්වරයා සදහන් කළේය.
    එක් නිවසක් සදහා රජය රුපියල් ලක්ෂ 70 ක පමණ මුදල් වැයකර තිබෙන අතර මුළු ව්‍යාපෘතිය සදහා රුපියල් කෝටි 1000 ක පමණ විශාල මුදලක් වැය කෙරෙන බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා කිය.
    මිහිදුසෙන්පුර නිවාස ව්‍යාපෘතිය යටතේ නිවාස ඒකක 500ක් ඉදිකර  තිබෙන්  අතර එහි අවශ්‍ය පහසුකම් මෙන්ම යටිතල පහසුමක්ද සංවර්ධනය කර ඇතැයි ආරක්ෂක ලේකම්වරයා එහිදී කීය.
    මේ වන විට කොළඹ  අඩු ආදායම්ලාභී නගරවාසීන් වෙනුවෙන් ස්ථාන 20 ක් මහල් නිවාස ඉදිකෙරෙන බව ද ඔහු සදහන් කළේය.
    මුඩුක්කු හා පැල්පත් නිවාසවල ජීවත්වන ජනතාව කොළඹ  නගරයේ පැවැත්මට අත්‍යවශ්‍ය කාර්යභාරයක්  ඉටුකරන හෙයින් ඔවුන් කිහිවෙක් කොළඹ්න් පිටමං නොකරන බවද රාජපක්ෂ මහතා එහිදී සදහන් කළේය.
    පැල්පත් හා මුඩුක්කු නිවාස ඉවත් කර ඒ වෙනුවට අලංකාර නිවාස ව්‍යාපෘති ඉදිවූ පසුව කොළඹ  සම්පූර්ණයෙන්ම වෙනස් අලූත් නගරයක් බවට පත්වනු ඇතැයි ද ආරක්ෂක ලේකම්වරයා කීවේය.

    (සුසිල්-බලන)8.25pm

    Monday, November 4, 2013

    කටුනයක කොළබ අදිවේගේ ප්‍රතම අනතුර






                                              කොළඹ කටුනායක අධිවේගි මාර්ගයේ සිදු වු පළමු රිය අනතුෙරේ සිසීටීවී කැමරා දර්ශන මෙහි දැක්වේ මෙම රිය අනතුර සිදු වූයේ පසුගිය 31 දින පෙරවරු 11.55 ට පමණ වේ.
    කටුනායක සිට කොළඹ දෙසට ගමන් කරන මෙම මෝටර් රථය පෑළියගොඩ නව කැළණි පාලම ආසන්නයේ පිටවීමේ දොරටුව අසලදී මෙසේ අනතුරට ලක්වීමට හේතුව රියදුරු වේගය අඩු නොකර රිය පැදවීමයි.... පිටවීමේ දොරටුව ආසන්නවීමට පෙර පුවරු මඟින් දැනුවත් කර ඇතත්, එය නොසලකා වේගය පාලනය නොකර පැමිණිම නිසා මෙම අනතුර සිදු විය.
    විශේෂයෙන්ම පෑළියගොඩ නව කැළණි පාලමෙන් කොළඹ නගරයට ඇතුල් වන විට අධික වාහන තදබදයක් ඇති වන නිසා කටුනායක සිට කොළඹට පැමිණෙන වාහන වල වේගය පාලනය කරමින් අධිවේගි මාර්ගයෙන් පිටවන ලෙස රියදුරන් දැනුවත් විය යුතුය.

    (සුසිල්-බලන)8.30pm

    2014 අයවැයෙන් පිලිකා සදහා වෙනමම මුදල්.


    අයවැයෙන් වෙන් කරන මුදලට අමතරව පිළිකා රෝහල සඳහා වෙනමම වැය ශීර්ෂයක්‌ යටතේ මුදල් ලබාදීමට රජය තීරණය කර ඇත. මේ වන විට පිළිකා රෝගය කැස්‌ස සහ සෙම්ප්‍රතිෂ්‍යාව තරමටම වැඩි වී ඇති බවත් දිනකට පිළිකා රෝගීන් පනස්‌ පස්‌දෙනකු හෝ හැටදෙනකු මරණයට පත්වන බවත් එනිසා ඉහත තීරණය ගත් බවත් සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා 'දිවයින' ට ප්‍රකාශ කළේය.

    වැඩි පිරිසක්‌ පිළිකා රෝගයට ගොදුරු වී ඇත්තේ දුම්පානය නිසා බව ද එක්‌ පිළිකා රෝගියකු වෙනුවෙන් රජය වසරකට රුපියල් ලක්‍ෂ 150 ක්‌ පමණ වැයකරන්නේ යෑයි ද ඇමැතිවරයා කීවේය.

    ඇතැම් රෝගීන් සඳහා ලබාදෙන එක්‌ එන්නතක වටිනාකම රුපියල් ලක්‍ෂ හතරක්‌ පමණ වන බව ද කී ඇමැතිවරයා විශේෂිත ඖෂධ මිලදී ගැනීම සඳහා පමණක්‌ සතියකට ලිපිගොනු පනහක්‌ පමණ අත්සන් කරන බව ද කීය.

    එම නිසා පිළිකා රෝහල සඳහා වෙනම වැය ශීර්ෂයකින් මුදල් ලබාදීමට රජය තීරණය කර ඇති බව මෛත්‍රිපාල සිරිසේන මහතා කීවේය.


    (සුසිල්-බලන)5.00pm

    Sunday, November 3, 2013

    අද හදට ඉර යටවේ.

                       
      අද නොවෙම්බර් 3 අහසේ විශේස ද්ර්ශණයක් යුරෝපා,අමරිකා සහ අප්‍රිකා කලාපයට  දැක ගැනිමට හැකිවිය..එනම් ඉර  සම්පුර්නයෙන්න්ම හෝ අඩක් සදෙන්  වැසී යාමයි .මෙම විරල දර්ශණය  ග්‍රිනීච් වේලවෙන් 12.37 දර්ශණය විය .මෙවනි සිදුවීමක් මෙම වසරේ සිදුවන දෙවනි වතාව මෙය වේ.මෙම දර්ශණය බලනට දර්ශණය නොවේ.

    (සුසිල්-බලන)8.30pm

     

    Saturday, November 2, 2013

    ඉදිරි මාස 15 තුලදී මතිවර්ණ පහක්

     

                                                 ලබන ජනවාරි මාසයේ සිට මාස 15 ක්‌ ඇතුළත මැතිවරණ 05 ක්‌ පැවැත්වීමට රජය සැලසුම් කර ඇත.

    ජාතික මැතිවරණ දෙකක්‌, පළාත් සභා මැතිවරණ 02 ක්‌ හා පළාත් පාලන මැතිවරණයක්‌ ඒ අතර වන බවද වාර්තා වෙයි.

    ඒ අනුව ලබන ජනවාරි මුල් සතියේ දී බස්‌නාහිර හා දකුණු පළාත් සභා විසුරුවා හැර මාර්තු මස මැද ඡන්ද විමසීම පැවැත්වීමටත්, ජුලි මස මුල ඌව පළාත් සභාව විසුරුවා හැර ඔක්‌තෝබර් මස මුල් සතියේ ඡන්ද වීමසීම පැවැත්වීමටත් නියමිතය.

    එමෙන්ම ලබන නොවැම්බර් මාසයේ අග දී ජනාධිපතිවරණයකට යැමටත් එහි ඡන්ද විමසීම ජනවාරි මාසයේ පැවැත්වීමටත් ඉන් පසුව එම මාසයේදීම පාර්ලිමේන්තුව විසුරුවා හැර මාර්තු මාසයේ අග මහ මැතිවරණය පැවැත්වීමටත් සැලසුම් කර ඇතැයි වාර්තා වෙයි.

    මෙයට අමතරව නිල කාලය අවසන් වීමෙන් පසුව යළිත් දීර්ඝ කර ඇති යාපනය මහ නගර සභාවේ හා වව්නියා නගර සභාවේ ඡන්ද විමසීම නව ඡන්ද ක්‍රමය ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව ලබන වසර මැද දී පැවැත්වීමටත් අවධානය යොමු වී ඇත.

    එමෙන්ම තවත් පළාත් පාලන ආයතන 234 ක නිල කාලය 2015 මාර්තු මාසයේ අවසන් වීමට නියමිත අතර එය මහ මැතිවරණය අවසන්ව මාස තුනකින් පසුව පැවැත්වෙනු ඇතැයි ද වාර්තා වෙයි.

    (සුසිල්-බලන)

    ඉන්දිය අගමතිගේ පැමිණිම ඇමති මඩුල්ල අතේ.


    ලබන 15 වැනිදා කොළඹ දී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්‌ඩල සමුළුව සඳහා ඉන්දීය අගමැති මන්මෝහන් සිං මෙරටට පැමිණීම ඉන්දීය කැබිනට්‌ මණ්‌ඩලයේ තීරණය මත සිදුවනු ඇතැයි එරට රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්‌සේ හෙලි කරයි.

    මී ලග කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමේ දී මේ සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර අවසන් තීරණයක්‌ ගන්නා බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

    අගමැති මන්මෝහන් සිං මහතා සමුළුවට සහභාගි වන බවට හා සහභාගි නොවන බවට පසුගිය කාලයේ ජනමාධ්‍ය ඔස්‌සේ විවිධ ප්‍රවෘත්ති පළ වුවද මේ සම්බන්ධයෙන් මෙතෙක්‌ අවසන් තීරණයක්‌ ගෙන නොමැති අතර එනවද නැද්ද යන්න පිළිබඳ ස්‌ථිර වශයෙන්ම ප්‍රකාශ කළ හැක්‌කේ ලබන සතියේ බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

    පොදුරාජ්‍ය මණ්‌ඩල සමුළුවට සහභාගි වන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය අගමැති මන්මෝහන් සිං වෙත උපදෙස්‌ දී තිබේ.

    ඉන්දීය අගමැතිවරයා ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය කළහොත් ඔහුගේ ආරක්‍ෂාව සඳහා දැනටමත් බ්ලැක්‌ කැට්‌ කමාන්ඩෝ භටයන් සූදානම් කර ඇතැයි එරට ආරක්‍ෂක බලධාරීන් වෙත දැනුම් දී ඇත.

    මේ අතර තමිල්නාඩුවේ හිටපු මහ ඇමැති කරුණානිධි ඉන්දීය අගමැතිවරයාට දැඩි අනතුරු ඇගවීමක්‌ කරමින් ශ්‍රී ලංකාවට ගියොත් දැඩි ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවන බව දන්වා ඇත. ඉන්දීය අගමැතිවරයා ඉන්දීය විදේශ පිළිවෙත ප්‍රාණ ඇපයට ගැනීමට තමිල්නාඩුවට ඉඩනොදිය යුතු යෑයි හිටපු ඉන්දීය හමුදා ප්‍රධානීන් කිහිපදෙනකුද පෙන්නුම් කර තිබේ. පොදුරාජ්‍ය මණ්‌ඩල සමුළුව සඳහා ඉන්දීය විදේශ ඇමැති සල්මන් කුර්ෂිද් ඇතුළු රාජ්‍ය නිලධාරීන් කණ්‌ඩායමක්‌ මෙරටට පැමිණේ.

    මේ අතර ඉන්දීය අගමැතිවරයා පැමිණෙනු ඇතැයි විශ්වාසයෙන් කොළඹ ටාඡ් හෝටලයේ කාමර වෙන්කර ඇත.
    (සුසිල්-බලන)

    Friday, November 1, 2013

    කැසිනෝ වලට මං විරුද්ද නෑ.


                                                             උඩුවේ දම්මාලෝක හිමි
                                          
    ලෝකයේ වෙනස්වීම්වලට අදාලව ශ‍්‍රී ලාංකිකයන්ද වෙනස් විය යුතු බැවින් මෙරට තුල කැසිනෝ ආරම්භ කිරීම සම්බන්ධයෙන් කිසිදු විරුද්ධත්වයක් නැතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසිද්ධ ධර්ම දේශකඋඩුවේ ධම්මිලෝක හිමියෝ පවසති.
    උන් වහන්සේ පෙන්වා දෙන්නේ ගෝකය හා එක්ව ගමන් කිරීමේදී ශ‍්‍රී ලාංකිකයන්ට හුදෙකලා ගමනක නිරත විය නොහැකි බවයි. එබැවින් ශ‍්‍රී ලාංකිකයන්ට සහභාගී වීමේ අවස්ථාව සම්පූර්ණයෙන් අහුරා කැසිනෝ රට තුල ආරම්භ කිරීම සම්බන්ධයෙන් තමන් වහන්සේගේ කිසිදු විරුද්ධත්වයක් නැතැයිද උන් වහන්සේ කීහ.
    සංචාරකයන්ගේ අභිමතාර්ථ ඉටුකිරීම තුලින් රටේ සංවර්ධනයක් අපේක්‍ෂා කරන්නේ නම් කැසිනෝ වැනි සංචාරක ව්‍යාපෘති රටට අවශ්‍ය බවද උන් වහන්සේ පෙන්වා දෙති.
    ‘ඇත්තටම ඔය කැසිනෝ සම්බන්ධ පනතවත් ඊට අදාල කරුණු කාරණා පිළිබඳවත් මම තාම නියවලා නෑ. ඒ නිසා ඒ ගැන මට තාම ප‍්‍රබල හැදෑරීමක් කරන්න බැරි වුණා. එනිසා පනත සම්බන්ධයෙන් මට යමක් කීමට අපහසුයි.
    නමුත් කිව යුතු කාරණා කිහිපයක් පිළිබඳව අවධානය යොමු කල යුතුයි. විශේෂයෙන් රටක් හැටියට අපි මේ කරුණ සම්බන්ධයෙන් ස්ථාවරයක පිහිටිය යුතුයි කියන මතයේ මම ඉන්නවා.
    දැන් බලන්න සිංගප්පූරුව වගේ රටවල කැසිනෝ ව්‍යාප්ත වූ ආකාරය. අන්න ඒ නිසා මෙම කැසිනෝ සම්බන්ධ කරුණු ක‍්‍රියාත්මක විය යුත්තේ ශ‍්‍රී ලාංකිකයන්ට යාමට අපහසු වන පරිදි නීති සකස් කරලයි. අපේ රටේ මිනිස්සුන්ට යන්න බැරිවෙන්න යම් ප‍්‍රමිතිකරණයකට කැසිනෝ එනවා නම් එහි වරදක් නෑ. මොකද අපට විදේශිකයන්ට ඒ දේවල් තහනම් කරන්න බෑ. අනික සංචාරකයන්ගේ අභිමථාර්ත ඉටුකිරීම තුලින් මේ රටේ සංවර්ධනයක් අපේක්‍ෂා කරන්නේ නම් එවැනි දේ රටට අවශ්‍යයි. මොකද ලෝකෙ වෙනස් වන විට අපිට එක තැන ඉන්න බෑ. ඒ නිසා අපි ඒ අවශ්‍ය ආකාරයට හැඩ ගැසිය යුතුයි.
    මගේ විරුද්ධත්වය තියෙන්නෙ මේ කැසිනෝ සඳහා ශ‍්‍රී ලාංකිකයන් යාම මතයි. බුදු දහමට අනුව එය අපට අනුමත කරන්න බෑ.
    එනිසා පැහැදිලිව කිව යුතුයි කැසිනෝවලට මගේ විරුද්ධත්වයක් නෑ කින කාරණය. හැබිය් ඒවා නියත වශයෙන්ම ශ‍්‍රී ලාංකිකයන්ට තහනම් විය යුතුයි’ යයිද උන් වහන්සේ කියා සිටිති.

    (සුසිල්-බලන)

    පොදු රාජ්‍ය සමුලුවේ තේමා ගීතය.

     
     
     
    (සුසිල්-බලන)

    ශ්‍රි ලංනකික ගුහ සේවිකවක් ගුවනෙදි දරුවෙකු බිහිකරයි.


                              
                      ශ්‍රිලාන්කික ගුහ සෙවිකවක් එක්සත් එමිර් රජයේ සිට පැමිණි ගුවන් යානය තුලදී දරුවෙකු බිහි කරයි.සජා රජජ්‍යට අයත් ඓර් අරබියා ගුවන් යනයක් තුලදි මෙය අපුරු සිදුවිම  ව් තිබේ. ගුවන් යනේ සේවක පිරිස සහ මගින් ගේ සහයෝගයෙන් සර්තක දරු ප්‍රසුතියක් සිදුවී ඇත. මේ මොහොතේ ගුවන් යනය සගරය ඉහල අහසේ තිබුනු බැවින් ගුවන් නියමුවන් හට ගමන් මග වෙනස් කිරිමට පවා සිදුවිය.අවසනයෙ ගුවන් යනය ඔමන් රජජට ගොඩබස්සන ලදි.
              ජතියන්තර නිතිය අනුව මෙම බිලිදාගෙ උපන් රට වනුවේ ගුවන් යානය ලියපදින්චි රට වන අතර ගුවන් යනය ගොඩ බැස්සු රටේ පුරවසි භවයද ලබිමට හැක .මේ සදහා ශ්‍රි ලන්ක විදෙස කටයුතු අමතියන්ශය අවශය කටයුතු කලයුතු වේ.

                                                                                 
     
    (සුසිල්-බලන)