.



Snowfall Widget for Blogger

Thursday, November 14, 2013

ජනපති CHOGM අමතයි.

                     

 පොදුරාජ්‍ය මණ්ඩලය තීන්දු හෝ දඬුවම්දීමේ ආයතනයක් නොවිය යුතු බවත් එය ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් ක්‍රියා කරන ආයතනයක් විය යුතු බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
ධම්මපදයේ ගාථාවක් ද  උපුටා දක්වමින්, අනුන් කළ නොකළ දේ ගැන නොසොයා තමන් කළ නොකළ දේ පමණක්  සොයා බැලීම අපේ යතුකම විය යුතුයැයිද ජනාධිපතිවරයා පැවසුවේ අද කොළඹ නෙලූම් පොකුණ රඟහලේදී ආරම්භ වුණු 23 වන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක හමුව අමතමිනි.
                            ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය අවසන් කිරීමෙන් පසුව 2009 වසරේ සිට මේ දක්වා මෙරට තුළ කිසිදු ත්‍රස්ත ක්‍රියාවක් සිදුව නැතැයිද සඳහන් කල ජනාධිපතිතුමා ජනතාවට නිදහසේ ජීවත්වීමේ වැදගත්ම මානව හිමිකම් අයිතිය රජය විසින් තහවුරු කර ඇතැයි ද කීය.
              වසර 24කට පසු ආසියාවේ පැවැත්වෙන මෙම සමුළුව පොදුරාජ්‍ය මණ්ඩලයීය සංවිධානයේ ආරම්භක සාමාජිකයින් 08 දෙනාගෙන් එක් සාමාජිකයෙකු වශයෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට හැකි වූ බවත් රටේ සාමය සහ ස්ථායිතාව තහවුරු කිරීම නිසා මෙය පැවැත්වීමට හැකි වී ඇති බවත් ජනාධිපතිතුමන් එහිදී කීය.
දැනටමත් ශ්‍රී ලංකාව සහශ්‍රක සංවර්ධන අභිමතාර්ථවලින් රැසක් සපුරා ගෙන ඇති බවත්, දිළිඳුකම 6.5% දක්වා අඩු වී ඇති බවත් සඳහන් කල ජනාධිපතිතුමන් ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට පත් කිරීම තම අපේක්ෂාව බවද පෙන්වා දුන්නේය.

(සුසිල්-බලන)

No comments:

Post a Comment