බ්‍රිතාන්‍යය අගමැති
නවසීලන්ත විදේශ ඇමති
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමළුව වෙනුවෙන් මෙරටට පැමිණ සිටින බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන්මහතා සහ නවසීලන්ත විදේශ කටයුතු ඇමති මැක් කලී අතුලු නවසීලන්ත මහ කොමසාරිස් ජෑන් හෙන්ඩර්සන් මහත්මිය ඇතළු නියෝජිතයෝ හය දෙනෙක් උතුරු පළාත් සභා මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීන් පිරිසක් යාපනයේ පුස්තකාලයේදී සාකච්චාවක් ආරම්භ කර තිබේ.
මේ හේතුවෙන් යාපනය පුස්තකාලය අවට ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති අතර යුද්ධය නිසා සිය සැමියන් දරුවන් අතුරුදහන් වූ බව කියන යාපනයේ වැසියන් පිරිසක් බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍යවරයා හා ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීන් අතර සාකච්ඡාව පැවැත්වෙන ස්ථානය අසළ උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙ අතර ඊයේ දිනයේදී බි‍්‍රතාන්‍ය, ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාවේ විදේශ කටයුතු ලේකම්වරුන් සහ දෙමළ ජාතික සන්ධානය අතර සාකච්ඡවක් ඊයේ කොළඹදී පවත්වා තිබේ.
මෙම හමුව සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා මෙරටට පැමිණ සිටින බි‍්‍රතාන්‍ය විදේශ කටයුතු ලේකම් විලියම් හේග්, ඕස්ටේ‍්‍රලියානු විදේශ කටයුතු ලේකම් ජුලියා බිෂෆ් සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සුජාතා සිං සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරන්, සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන්, මාවෙයි සේනාධිරාජා සහ සෙල්වම් අඩෙක්කලනාදන් යන මහත්වරු සහභාගිවී තිබේ.
එහිදී උතුරු පළාතෙන් හමුදාව ඉවත් කර ජනතාව නැවත පදිංචි කරවා ජාතික ගැටලූවට විසඳුමක් ලබා ගැනීම සම්බන්ධයෙන් මොවුන් සමග අදහස් හුවමාරු කරගත් බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුරේස් පේ‍්‍රමචන්ද්‍ර මහතා පවසයි.
ජාතික ගැටලූවට විසඳුමක් ලබා දීම සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය විදේශ කටයුතු ලේකම්වරයාගේ විශේෂ අවධානයක් එහිදී යොමු වු බව ද සුරේෂ් පේ‍්‍රමචන්ද්‍ර මන්ත‍්‍රීවරයා පැවසීය..
(සුසිල්-බලන)




No comments:
Post a Comment