.



Snowfall Widget for Blogger

Saturday, November 2, 2013

ඉන්දිය අගමතිගේ පැමිණිම ඇමති මඩුල්ල අතේ.


ලබන 15 වැනිදා කොළඹ දී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්‌ඩල සමුළුව සඳහා ඉන්දීය අගමැති මන්මෝහන් සිං මෙරටට පැමිණීම ඉන්දීය කැබිනට්‌ මණ්‌ඩලයේ තීරණය මත සිදුවනු ඇතැයි එරට රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්‌සේ හෙලි කරයි.

මී ලග කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමේ දී මේ සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර අවසන් තීරණයක්‌ ගන්නා බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

අගමැති මන්මෝහන් සිං මහතා සමුළුවට සහභාගි වන බවට හා සහභාගි නොවන බවට පසුගිය කාලයේ ජනමාධ්‍ය ඔස්‌සේ විවිධ ප්‍රවෘත්ති පළ වුවද මේ සම්බන්ධයෙන් මෙතෙක්‌ අවසන් තීරණයක්‌ ගෙන නොමැති අතර එනවද නැද්ද යන්න පිළිබඳ ස්‌ථිර වශයෙන්ම ප්‍රකාශ කළ හැක්‌කේ ලබන සතියේ බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

පොදුරාජ්‍ය මණ්‌ඩල සමුළුවට සහභාගි වන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය අගමැති මන්මෝහන් සිං වෙත උපදෙස්‌ දී තිබේ.

ඉන්දීය අගමැතිවරයා ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය කළහොත් ඔහුගේ ආරක්‍ෂාව සඳහා දැනටමත් බ්ලැක්‌ කැට්‌ කමාන්ඩෝ භටයන් සූදානම් කර ඇතැයි එරට ආරක්‍ෂක බලධාරීන් වෙත දැනුම් දී ඇත.

මේ අතර තමිල්නාඩුවේ හිටපු මහ ඇමැති කරුණානිධි ඉන්දීය අගමැතිවරයාට දැඩි අනතුරු ඇගවීමක්‌ කරමින් ශ්‍රී ලංකාවට ගියොත් දැඩි ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවන බව දන්වා ඇත. ඉන්දීය අගමැතිවරයා ඉන්දීය විදේශ පිළිවෙත ප්‍රාණ ඇපයට ගැනීමට තමිල්නාඩුවට ඉඩනොදිය යුතු යෑයි හිටපු ඉන්දීය හමුදා ප්‍රධානීන් කිහිපදෙනකුද පෙන්නුම් කර තිබේ. පොදුරාජ්‍ය මණ්‌ඩල සමුළුව සඳහා ඉන්දීය විදේශ ඇමැති සල්මන් කුර්ෂිද් ඇතුළු රාජ්‍ය නිලධාරීන් කණ්‌ඩායමක්‌ මෙරටට පැමිණේ.

මේ අතර ඉන්දීය අගමැතිවරයා පැමිණෙනු ඇතැයි විශ්වාසයෙන් කොළඹ ටාඡ් හෝටලයේ කාමර වෙන්කර ඇත.
(සුසිල්-බලන)

No comments:

Post a Comment