.



Snowfall Widget for Blogger

Saturday, November 2, 2013

ඉදිරි මාස 15 තුලදී මතිවර්ණ පහක්

 

                                             ලබන ජනවාරි මාසයේ සිට මාස 15 ක්‌ ඇතුළත මැතිවරණ 05 ක්‌ පැවැත්වීමට රජය සැලසුම් කර ඇත.

ජාතික මැතිවරණ දෙකක්‌, පළාත් සභා මැතිවරණ 02 ක්‌ හා පළාත් පාලන මැතිවරණයක්‌ ඒ අතර වන බවද වාර්තා වෙයි.

ඒ අනුව ලබන ජනවාරි මුල් සතියේ දී බස්‌නාහිර හා දකුණු පළාත් සභා විසුරුවා හැර මාර්තු මස මැද ඡන්ද විමසීම පැවැත්වීමටත්, ජුලි මස මුල ඌව පළාත් සභාව විසුරුවා හැර ඔක්‌තෝබර් මස මුල් සතියේ ඡන්ද වීමසීම පැවැත්වීමටත් නියමිතය.

එමෙන්ම ලබන නොවැම්බර් මාසයේ අග දී ජනාධිපතිවරණයකට යැමටත් එහි ඡන්ද විමසීම ජනවාරි මාසයේ පැවැත්වීමටත් ඉන් පසුව එම මාසයේදීම පාර්ලිමේන්තුව විසුරුවා හැර මාර්තු මාසයේ අග මහ මැතිවරණය පැවැත්වීමටත් සැලසුම් කර ඇතැයි වාර්තා වෙයි.

මෙයට අමතරව නිල කාලය අවසන් වීමෙන් පසුව යළිත් දීර්ඝ කර ඇති යාපනය මහ නගර සභාවේ හා වව්නියා නගර සභාවේ ඡන්ද විමසීම නව ඡන්ද ක්‍රමය ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව ලබන වසර මැද දී පැවැත්වීමටත් අවධානය යොමු වී ඇත.

එමෙන්ම තවත් පළාත් පාලන ආයතන 234 ක නිල කාලය 2015 මාර්තු මාසයේ අවසන් වීමට නියමිත අතර එය මහ මැතිවරණය අවසන්ව මාස තුනකින් පසුව පැවැත්වෙනු ඇතැයි ද වාර්තා වෙයි.

(සුසිල්-බලන)

No comments:

Post a Comment