ශ්රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහත්මා සහභාගී වීමට තීරණය කර ඇතැයි ඉන්දීය රාජතාන්ත‍්‍රික ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව ලබන 15 වෙනිදා කොළඹදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල නායකයන්ගේ සමුළුවට සහභාගි වීම සඳහා ඒ මහතා ලබන 14 වෙනිදා ලංකාව බලා පැමිණෙනු ඇත.
ඉන්දීය දේශපාලන උපදේශකයන් දිගින් දිගටම අවධාරණය කර තිබුනේ මෙම සමුළුවට සහභාගී නොවීම ශ‍්‍රී ලංකාව තව තවත් චීනයට ලංවීමට හේතුවක් කර ගනු ඇති බවත් එය උපායමාර්ගිකව ඉන්දියාවට අනතුරක් බවත්ය.
(සුසිල්-බලන)2.00pm



No comments:
Post a Comment