පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි නොවන බව ඉන්දීය අගමැතිවරයා ඉදිරි පැය 24 තුළ ලිපියකින් ශ්‍රී ලංකා රජයට දැනුම්දීමට නියමිත බව ඉන්දීය රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කරයි.
තමිල්නාඩු දේශපාලන පක්ෂවලින් එල්ල වන බලපෑම් හමුවේ පොදුරද සමුළුවට මන්මෝහන් සිං මහතා සහභාගිවීම අවිනිශ්චිත බව එම වාර්තා මගින් පෙන්වාදෙයි.
සමුළුවට සහභාගී වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි ඇතුළු ජ්‍යෙෂ්ඨයින් සමගද මන්මෝහන් සිං මහතා ඊයේ තීරණාත්මක සාකච්ඡා පවත්වා තිබුණි.
කෙසේ වුවද එම සාකච්ඡාවලදී නිල තීරණයක් ප්‍රකාශයට පත් නොකෙරුණු අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ තමිල්නාඩු දේශපාලන පක්ෂවලින් එල්ල වන බලපෑම් හමුවේ ඉන්දීය අගමැතිවරයා ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරද සමුළුවට සහභාගි නොවනු ඇති බවකි.
ඉන්දීය අගමැතිවරයා වෙනුවට විදේශ කටයුතු අමාත්‍ය සල්මන් කුර්ෂිඩ් මහතා පොදුරද සමුළුව නියෝජනය කරන බව එම වාර්තාවල දැක්විණ.
ඉන්දීය මධ්‍යම රජයේ ඉහළම පෙළේ ආරංචි මාර්ග උපුටා දක්වමින් එන්.ඩී.ටී.වී. රූපවාහිනි සේවාව ඊයේ අනාවරණය කළේ දකුණු ඉන්දීයාවෙන් පමණක් නොව, ඉන්දීය මධ්‍යම රජයේ ප්‍රබල ඇමැතිවරුන් කිහිප දෙනෙක් ද ශ්‍රි ලංකාවේ සමුළුවට නොයන ලෙසට අගමැති මන්මෝහන්සිං මහතාට බලපෑම් කර ඇති බවකි.
ඉන්දීය නාවික කටයුතු ඇමැති ජී.කේ.වසන්, මුදල් ඇමැති පී. චිතම්බරම් සහ මධ්‍යම රජයේ ඇමැතිවරියක වන ජයන්ති නටරාජන් යන අය එලෙස ඉන්දීය අගමැතිවරයා පොදුරද සමුළුවට සහභාගී වීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළකර ඇතැයිද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
(සුසිල් -බලන)6.20pm

No comments:
Post a Comment