.



Snowfall Widget for Blogger

Thursday, November 7, 2013

ජතික රෝහලේ හෙලිකොප්ටර් අන්ගනයත් සුදානම්.

                          පොදු රාජ්‍ය මණ්‌ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වන රාජ්‍ය නායකයන් හදිසියේ රෝගී වුවොත් ජාතික රෝහල වෙත වහා රැගෙන ඒම සඳහා එම රෝහලේ හෙලිකොප්ටර් අංගන සූදානම් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙක්‌  ප්‍රකාශ කළේය. නායක සමුළුවට පැමිණෙන රාජ්‍ය නායකයන් වෙනුවෙන් ප්‍රථම වරට මෙම හෙලිකොප්ටර් අංගනය ඊයේ ගුවන් හමුදා තත්ත්ව පරීක්‍ෂණ නිලධාරීන් විසින් පරීක්‍ෂාවට ලක්‌කරන ලදී.

ආලෝක තත්ත්වයක්‌ තුළදී මෙන්ම ආලෝකය නොමැති අවස්‌ථාවන්හිදීද මෙම හෙලිකොප්ටර් අංගනය භාවිත කළයුතු ආකාරය පිළිබඳ අවස්‌ථා තුනකදී පරීක්‍ෂාවට ලක්‌ කොට ඇත. ඒ අනුව මෙම හෙලිකොප්ටර් අංගනය ඉතා ඉහළ මට්‌ටමින් පවතින බව ගුවන් හමුදා නිලධාරීන් කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට ප්‍රකාශ කළ බව ඉහත නිලධාරියා ප්‍රකාශ කළේය.

මීට අමතරව රාජ්‍ය නායක සමුළුවට සහභාගි වන රාජ්‍ය නායකයන් ඇතුළු විදෙස්‌ නියෝජිතයන්ට අවශ්‍ය සෞඛ්‍ය සත්කාරක පහසුකම් ලබා දීම සඳහා කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේ විශේෂ ඒකකයක්‌ද ස්‌ථාපිත කර තිබේ. එමගින් පුද්ගලයන් පන්දහසකට පමණ පහසුකම් ලබාදීමට හැකියාව ඇතැයි ඉහත නිලධාරියා කිවේය.

තවද හදිසි ආපදාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා අති නවීන ගිලන් රථ 80 ක්‌ද සූදානම් කර ඇති අතර වෛද්‍ය කණ්‌ඩායම් සහ මහජන සෞඛ්‍ය නිලධාරීන්ද පැය 24 ක්‌ පුරා ගුවන්තොටුපළ පරිශ්‍රයේ යොදවා ඇතැයිද හෙතෙම කීවේය.


(සුසිල්-බලන)

No comments:

Post a Comment