ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා මුදල් හා ක්‍රමසම්පාදන ඇමැතිවරයා ලෙස මෙම 21 වැනිදා අයවැය වාර්තාව ඉදිරිපත් කරන නිසා එදින පාර්ලිමේන්තුව හා ඒ අවට ආරක්‌ෂාව දැඩි කරන බව නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්‌කොඩි මහතා ඊයේ (05 දා) පාර්ලිමේන්තුවේදී මැති ඇමැතිවරුන්ට දැනුම් දුන්නේය.
මෙම විශේෂ ආරක්‌ෂක විධිවිධාන යටතේ 20 වැනිදා සහ 21 වැනිදා මන්ත්‍රීවරුන්ගේ විවේක කාමර, ඇඳුම් කාමර ඇතුළු පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල ආරක්‌ෂක අංශ විසින් සෝදිසි කරන බවද, අයවැය වාර්තාව ඉදිරිපත් කරන 21 වැනිදා පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය ආරාධිතයන්ට පමණක් සීමා කරන බවද නියෝජ්‍ය කථානායකවරයා දැනුම් දුන්නේය.
එදින මන්ත්‍රීවරුන්ගේ රථගාල වසා තබන බවද කලත්‍රයා හෝ අමුත්තන් කැටුව එන මන්ත්‍රීවරුන්ට මන්ත්‍රී පිවිසුමේදී සිය රථයෙන් බැස පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලට පිවිසිය හැකි බවද ඔහු කීවේය. ගැලරියට පැමිණෙන අමුත්තන්ට ජයන්තිපුර සිට මහජන පිවිසුම දක්‌වා ප්‍රවාහන පහසුකම් ලබාදෙන අතර තමන්ම තම රථය පදවා එන මන්ත්‍රීවරුන්ට වාහනය රථගාලේ ගාල් කිරීම සඳහා මන්ත්‍රී පිවිසුමේ හා මහජන පිවිසුමේ පාර්ලිමේන්තු රියෑදුරන් යොදවා ඇතැයි ද නියෝජ්‍ය කථානායකවරයා කීවේය. එදින පාර්ලිමේන්තු පොලිසිය සහ සමීප පොලිස් ස්‌ථාන විසින් විශේෂ රථවාහන සැලසුමක් ක්‍රියාත්මක කරන බවද නියෝජ්‍ය කථානායකවරයා මන්ත්‍රීවරුන්ට දැනුම් දුන්නේය.
(සුසිල්-බලන)10.30pm

No comments:
Post a Comment