.



Snowfall Widget for Blogger

Monday, November 4, 2013

2014 අයවැයෙන් පිලිකා සදහා වෙනමම මුදල්.


අයවැයෙන් වෙන් කරන මුදලට අමතරව පිළිකා රෝහල සඳහා වෙනමම වැය ශීර්ෂයක්‌ යටතේ මුදල් ලබාදීමට රජය තීරණය කර ඇත. මේ වන විට පිළිකා රෝගය කැස්‌ස සහ සෙම්ප්‍රතිෂ්‍යාව තරමටම වැඩි වී ඇති බවත් දිනකට පිළිකා රෝගීන් පනස්‌ පස්‌දෙනකු හෝ හැටදෙනකු මරණයට පත්වන බවත් එනිසා ඉහත තීරණය ගත් බවත් සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා 'දිවයින' ට ප්‍රකාශ කළේය.

වැඩි පිරිසක්‌ පිළිකා රෝගයට ගොදුරු වී ඇත්තේ දුම්පානය නිසා බව ද එක්‌ පිළිකා රෝගියකු වෙනුවෙන් රජය වසරකට රුපියල් ලක්‍ෂ 150 ක්‌ පමණ වැයකරන්නේ යෑයි ද ඇමැතිවරයා කීවේය.

ඇතැම් රෝගීන් සඳහා ලබාදෙන එක්‌ එන්නතක වටිනාකම රුපියල් ලක්‍ෂ හතරක්‌ පමණ වන බව ද කී ඇමැතිවරයා විශේෂිත ඖෂධ මිලදී ගැනීම සඳහා පමණක්‌ සතියකට ලිපිගොනු පනහක්‌ පමණ අත්සන් කරන බව ද කීය.

එම නිසා පිළිකා රෝහල සඳහා වෙනම වැය ශීර්ෂයකින් මුදල් ලබාදීමට රජය තීරණය කර ඇති බව මෛත්‍රිපාල සිරිසේන මහතා කීවේය.


(සුසිල්-බලන)5.00pm

No comments:

Post a Comment