පළාත් සභාවලට වැඩි බලතල ලැබෙන අයුරින් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයේ බලතල පුළුල් කරීම සම්බන්ධව ශ‍්‍රී ලංකා රජය සමඟ කරන සාකච්චා බිඳ වැටීමේ අනතුරක් මතුව ඇතැයි ඉන්දීය විදේශ අමාත්‍යංශය එරට අගමැති කාර්යාලයට රහසිගත වාර්තාවත් මඟින් දන්වා ඇති බව වාර්තා වෙයි.
ශ‍්‍රී ලංකා රජයේ ඉහල පෙලේ දේශපාලන උපදේශකයන්ගේ තොරතුරු මත පදනම්ව සකස් කර ඇති මෙම වාර්තාව මගින් පසුගිය කාලයේ ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාව ගත් රාජතාන්ත‍්‍රික තීරණ ගණනාවක් දැඩි ලෙස ප‍්‍රශ්ණ කර තිබේ.
ඉන්දියාව විසින් කරන ලද බොහෝ ඉල්ලීම් ශ‍්‍රී ලංකාව විසින් ඉටු කර තිබුණද ඉන්දියාව ජිනීවාහිදී ශ‍්‍රී ලංකාවට විරුද්ධ වීම, අගමැති මන්මෝහන් සිං පොදු රාජ්‍ය මණ්ඩල සැසිවාරයට සහභාගී නොවීම ආදී ක‍්‍රියාමාර්ග නිසා දෙරට අතර රාජතාන්ත‍්‍රික සබඳතා බරපතල කඩා වැටීමකට ලක්ව ඇතැයිද එම වාර්තාවෙන් කියැවේ.
මේ හේතුවෙන් 13වන සංශෝධනය ගැන කෙරෙන සාකච්චාද අනතුරුදායක අඩියකට වැටී ඇතැයිද එහි සඳහන් වන අතර මේ සියළු කාරණා මත ඉදිරියේදී ශ‍්‍රී ලංකාව තව තවත් චීනය සහ පාකිස්තානය වෙත ලංවීම නොවැළැක්විය හැකි වනු ඇතැයිද එහි වැඩිදුරටත් දැක්වෙයි.
(සුසිල්-බලන)
(ලංකා සී නිව්ස් ඇසුරෙන්)



No comments:
Post a Comment