අගමැති ආචාර්ය මන්මෝහන් සිං මහතාට තමන් යාපනයට පැමිණෙන ලෙස ආරාධනය කළේ රජයේ කොන්ත්‍රාත්තුවක් ඉටු කිරීමට නොවන බව උතුර පළාත් ප්‍රධාන ඇමැති සී. වී. විග්නේශ්වරන් මහතා යාපනයේදී මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කොට තිබේ.
පොදු රාජ්‍ය මණ්‌ඩලයීය සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අවස්‌ථාවක ඉන්දීය අගමැතිවරයාට යාපනයට පැමිණෙන ලෙස උතුර පළාත් ප්‍රධාන ඇමැතිවරයා ආරාධනය කොට ඇත්තේ ඔහු ව්‍යංගයෙන් ශ්‍රී ලංකාවට කැඳවා සමුළුවට සහභාගි කරවීම පිණිස දැයි යාපනයේ මාධ්‍යවේදීන් ප්‍රධාන ඇමැතිවරයාගෙන් ප්‍රශ්න කොට තිබේ.
ඊට පිළිතුරු දුන් ප්‍රධාන ඇමැතිවරයා ප්‍රකාශ කොට ඇත්තේ ඉන්දියාවේ බලපෑම මත ශ්‍රී ලංකා රජය උතුර පළාත් සභා මැතිවරණය පැවැත්වූ බවත් ඒ නිසාම දෙමළ ජාතික සන්ධානයට එහි බලය හිමිවූ බවත් ය. ඊට කෘතගුණ සැලකීමක් වශයෙනුත් ඉන්දියාව සමග උතුර දැඩි සමීප සම්බන්ධතාවක් ගොඩනගාගැනීමට ඇති අවංක උත්සාහයත් නිසා පමණක් ඉන්දීය අගමැතිවරයාට යාපනයට පැමිණෙන ලෙස තමන් ආරාධනය කළ වගද සී. වී. විග්නේශ්වරන් ප්‍රධාන ඇමැතිවරයා මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කොට තිබේ.
ශ්‍රී ලංකා රජයට මේ අවස්‌ථාවේදී ඉන්දීය අගමැතිවරයා පොදු රාජ්‍ය මණ්‌ඩලයීය සමුළුවට සහභාගි කරවා ගැනීමට දැඩි වුවමනාවක් ඇතත් තමන් ඊට උදව්වන අන්දමේ රජයේ කොන්ත්‍රාත්තුවක් ඉටු නොකළ බව ද ප්‍රධාන ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කොට තිබේ.
(සුසිල්-බලන)8.30pm

No comments:
Post a Comment