කොළඹ නගරයෙන් පැල්පත් හා මුඩුක්කු නිවාස සියල්ල වසර 2016 වනවිට ඉවත් කරන බවත් ඒ වෙනුවට පහසුමක් සහිත නිවාස ඒකක 30000 ක් ඉදිකෙරෙන බවත් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
එහි පළමු පියවර යටතේ දෙමටගොඩ ඉදිකළ ‘මිහිදුසෙන්පුර’ මහල් නිවාස ව්‍යාපෘතිය මෙම 18 වෙනි දින පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරෙන බව ද බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවහි ප‍්‍රවෘත්ති සාකච්ජාවකදී ලේකම්වරයා සදහන් කළේය.
එක් නිවසක් සදහා රජය රුපියල් ලක්ෂ 70 ක පමණ මුදල් වැයකර තිබෙන අතර මුළු ව්‍යාපෘතිය සදහා රුපියල් කෝටි 1000 ක පමණ විශාල මුදලක් වැය කෙරෙන බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා කිය.
මිහිදුසෙන්පුර නිවාස ව්‍යාපෘතිය යටතේ නිවාස ඒකක 500ක් ඉදිකර තිබෙන් අතර එහි අවශ්‍ය පහසුකම් මෙන්ම යටිතල පහසුමක්ද සංවර්ධනය කර ඇතැයි ආරක්ෂක ලේකම්වරයා එහිදී කීය.
මේ වන විට කොළඹ අඩු ආදායම්ලාභී නගරවාසීන් වෙනුවෙන් ස්ථාන 20 ක් මහල් නිවාස ඉදිකෙරෙන බව ද ඔහු සදහන් කළේය.
මුඩුක්කු හා පැල්පත් නිවාසවල ජීවත්වන ජනතාව කොළඹ නගරයේ පැවැත්මට අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටුකරන හෙයින් ඔවුන් කිහිවෙක් කොළඹ්න් පිටමං නොකරන බවද රාජපක්ෂ මහතා එහිදී සදහන් කළේය.
පැල්පත් හා මුඩුක්කු නිවාස ඉවත් කර ඒ වෙනුවට අලංකාර නිවාස ව්‍යාපෘති ඉදිවූ පසුව කොළඹ සම්පූර්ණයෙන්ම වෙනස් අලූත් නගරයක් බවට පත්වනු ඇතැයි ද ආරක්ෂක ලේකම්වරයා කීවේය.
(සුසිල්-බලන)8.25pm

No comments:
Post a Comment