බලන්න දවසකට අපේ රටේ කොතරම්නම් මිනිසුන් පිරිසක් විවිධ ක්‍රමයන්ගෙන් මරණයට පත්වෙනවද කියලා..ස්වාභාවිකව,මිනිමැරුම්,හදිසි අනතුරු,ලෙඩ රෝග වැනි දේ..ඔය වගේ ලෝකේ කොතරම්නම් පිරිසක් දිනකට මරණයට පත් වෙනවද?ඒ වගේ දිනකට අපේ රටේ තිරිසන් සතුන් කිදෙනෙක් නම් මරණයට ගොදුරු වෙනවද?ලෝකයෙම ගත්තොත් ඉතා විශාල ප්‍රමාණයක් නේද?ඒ වගෙම දිනකට විශාල ප්‍රමාණයක් මේ ලෝකයට උපත ලබනවා නේද?මේ සියල්ල මොකක්ද අපිට කියලා දෙන්නේ?අපිත් කොතරම් සැපයන්ගේ එලබගෙන හිටියත් අපිටත් ලැබෙන්නේ මේ දේම නේද?මේ ඇතිවිම නැතිවිම ඔබටත් මටත් පොදු ධර්මතාවයක්..අපි කොතරම් කම්සැප පස්සේ දිව්වත් මේ එකක්වත් අපිට ගෙනියන්න බැනේ..ඉතිරි වෙන්නේ රැස් කරපු පින් පව් විතරයි..සැමවිටම මේ මොහොත සිහියෙන්,එකග වු සිතින්,කුසලයට ලැදිව ගත කරන්න උත්සාහ කරන්න..මොකද මාරයා ඔබව රැගෙන යන්න පැමිනෙණ වග අවුරුද්දකට කලින්,මසයකට කලින්,දිනකට කලින්,පැයකට කලින්,මිනිත්තුවකට කලින්,තත්පරයකට කලින් හෝ සුලු නිමේශයකට කලින්වත් පවසා නොපැමිණෙන බැවින්..වැදගත් වන්නේ මේ මොහොතේ සිහියයි,කුසලයයි..
තෙරුවණ් සරණයි ...............!(සුසිල්-බලන)



No comments:
Post a Comment