.



Snowfall Widget for Blogger

Wednesday, April 30, 2014

දුම්රිය දෙකක් ගැටී මෙතෙක් දුම්රියදෙපර්තුමේන්තුවට සිදුවු විශාලතම පඩුව පෙන්නයි.

   

      කුරුණෑගල, පොතුහැර ප‍්‍රදේශයේදී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් මගීන් පිරිසක් තුවාල ලබා ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි.

Tuesday, April 29, 2014

රට පුරා දිලීර රෝගයක්.. සැලූන්වලින් කොණ්ඩ, රැවුල් කපන්නේ බලාගෙනයි

     

        කොණ්ඩ සහ රැවුල් කැපීමට එකම උපකරණ භාවිත කර ඒවා හොඳින් පිරිසිදු නොකර යළි යළිත් භාවිතය නිසා රට පුරා පිහිටි සැලුන් ආශ්‍රිතව දිලීර රෝග පැතිරයාමේ අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
මෙම දිලීර රෝග වැළඳුනු විශාල පිරිසක් රෝහල් වලින් ප්‍රතිකාර ලැබිමට දිනපතා ප‍්‍රතිකාර ගැනීමට පැමිණෙන්නේ යයිද ඔවුන් පෙන්වා දෙයි.

Tuesday, April 22, 2014

අද හවස දුම්රිය පැය දෙකක් පමා වෙයි

     කොළඹ කොටුව දුම්රිය පොළේ  හතර වැනි හා පස් වැනි වේදිකා  අවහිර කරමින් සිල්පර කොට හරස් කරමින් කලහකාරී ලෙස හැසිරුණු දුම්රිය සේවකයින් පිරිසක් ඉවත් කිරීමට කැරැලි මර්දන පොලීසිය කැඳැවිණි.

Saturday, April 19, 2014

මෙරට පළමු ස්ව්‍යංක්‍රීය වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව ඇරඹේ.

            ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ව්‍යංක්‍රීය වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව මයික්‍රෝ මෝටර් රථ සමාගම විසින් පොල්ගහවෙල කර්මාන්ත පුරයේ විවෘත කලේය.
මෙම විවෘත කිරීම ඊයේ (18) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවූ අතර මෙයට සමාගමේ ප්‍රධානි, ආචාර්ය ලෝරන්ස් පෙරේරා මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.

Friday, April 18, 2014

ලස්සනබලන ලාංචනය එලිදක්වයි.

   
     හිතවත් මිතුරනි   ලස්සනබලන  සදහා ලාංචනය එලිදක්වයි.මගෙ හිතවතුන් සැමගෙන් ඔබලාගේ කරුණික අදහස් සහ ප්‍රතිචාර බලාපොරොතු වෙමි.                                                      






(සුසිල්-බලන)

Sunday, April 13, 2014

සුභ නව වසරක් .............!

             


      ලස්සනබලන මගේ ආදරණිය මිතුරන් සියලු දෙනාටම ලබන්නා වු සිංහල නව වසර කිරියෙන් පණියෙන් ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා කියා එක හිතින් ප්‍රර්ථණා කරමි..........





(සුසිල්-බලන)

Friday, April 11, 2014

නව කොටි නායක ගෝපි යුද හමුදා ප්‍රහාරයකින් මරා දැමේ..

කොටි සංවිධානය නැවත ගොඩ නැගීම සඳහා උතුරු පළාතේ සැලසුම් කරමින් සිටි කොටි සංවිධානයේ නායක පොන්නයියා සෙල්වනායකම් කජිබන් හෙවත් ගෝපි ආරක්‍ෂක අංශ වෙඩි තැබීමකින් ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි ද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා කියයි.

Thursday, April 10, 2014

වහාම ඔබගේ පාස්ව්ර්ඩ්ස් වෙනස්කරන්න .

රහස් පදවල ආරක්ෂිතභාවය සම්බන්ධයෙන් විශාල දෝෂයක් පවතින නිසා අන්තර්ජාලය භාවිතා කරන්නන් සියළු දෙනා තමන්ගේ සියලු රහස් පද වෙනස් කරන ලෙසට තාක්ෂණික සමාගම් රැසක් අනතුරු ඇඟවීම් කරයි.
ඒ අනුව විද්‍යුත් ලිපින, බැංකු සහ ලිපිගොනු සම්බන්ධයෙන් වන රහස් පද වහා වෙනස් කරන ලෙස ඉල්ලා සිටින එම සමාගම්  Heartbleed Bug නමැති වෛරසයක් පිළිබඳව ද දැඩි අවධානයෙන් සිටින ලෙස උපදෙස් දී ඇත

Wednesday, April 9, 2014

බොදු බළ සේනාව විල්පත්තුවේ

       විල්පත්තුව උතුරු මායිමේ වන රක්ෂණ දෙපාර්තමේන්තුව සතු භූමියේ ද  විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ද බලෙන් ඉඩම් අල්ලා කෑලෑ කපා සිදු කැර ඇති මහා විනාශය බැලීමට බොදු බළ සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමි ඇතුළු සංඝරත්නය අඟහරුවාදා (08) එහි වැඩම කළහ.
  මුසලි ප්‍රාදේශිය ලේකම් කේදීෂ්වරන් මහතා  නියෝජිතයන් හමුවේ කියා සිටියේ රජයේ අනුමැතියෙන් සියලු දේ සිදු කරන බවයි.
නිවාස සෑදීමට  රාජ්‍ය නොවන සංවිධාන වලින් මුදල් ලැබෙන බවත් ඔහු කීවේය.
   වන සංරක්ෂණ භූමීයේ අනවසරයෙන් ඇල්ලු දස දෙනකුට දැනට නඩු පවරා ඇත.එහෙත් තවත් දහස් ගණනක්  විල්පත්තු රක්ෂිතයේත් විල්පත්තුවේත් අනවසරයෙන් ඉඩම් අල්ලාගෙන ඇතැතත් එවැනි ක්‍රියාමාර්ගයක් ගෙන නැත.

Tuesday, April 8, 2014

ජනපති මහින්ද ආසියානු බලවතුන් ලයිස්තුවේ 28 වැනි ස්ථානයේ.

       
   
   ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ආසියාවේ බලවතුත් ලයිස්තුවේ 28 වැනි ස්ථානයට පත්ව තිබේ.
ඔහු මෙම ස්ථානයට පත්ව ඇත්තේ  ‘Asian Awards’ සමාගම මගින් නිකුත් කර ඇති සමීක්‍ෂණ වාර්තාවකිනි.
චීන ජනපති ෂී ජින්පින් මෙම ලැයිස්තුවේ පළමුවැනි ස්ථානය හිමිකර ගෙන ඇති අතර තෙවැනි ස්ථානය හිමිව ඇත්තේ චීන අගමැති ලී ටත්, ඉන්දියාවේ සෝනියා ගාන්ධි දෙවැනි ස්ථානයටත්, නරේන්ද්‍ර මෝඩි සිවුවැනිස්ථානයටත්, රාහුල් ගාන්ධි පස්වැනි ස්ථානයටත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හයවැනි ස්ථානයට පත්ව සිටී.සම්පුර්ණ විස්තරාත්මක ලැයිස්තුව .මෙතනින්

(සුසිල්-බලන)


Sunday, April 6, 2014

ශ‍්‍රී ලංකාව ක‍්‍රිකට් ලෝක කුසලානය දිනයි.

      T20  2014 ක‍්‍රිකට් ලෝකු කුසලානය සඳහා ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති තරඟයෙන් ඉන්දීය පිල පරදවා ලෝක ශූරතාවය දිනා ගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
තරඟයේ කාසියේ වාසිය දිනූ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනාව මත මුලින් පන්දුවට පහර දුන් ඉන්දීය පිල නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුළු 04ක් දැවී ලකුණු 130ක් ලබා ගත්තේය. විරාත් කෝලි ලකුණු 77ක් ඉන්දීය පිලට එක් කලේය.

Friday, April 4, 2014

ඇමරිකානු තානාපතිනි මල්වතු හිමි හා මහ සාකච්චාවක.. මාධ්‍යවේදීන්ට තහනම් කරයි

                කොළඹ ඇමෙරිකානු තානාපතිනි මිෂෙල් සිසොන් මහත්මිය ඊයේ මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියන් සමග විශේෂ සාකච්ඡාවක නිරත වූවාය.
එම හමුව මාධයවේදීන් සඳහා විවෘත නොවූ අතර පැය එකහමාරක පමණ කාලයක් තිස්සේ පැවැත්විනි.