
කොණ්ඩ සහ රැවුල් කැපීමට එකම උපකරණ භාවිත කර ඒවා හොඳින් පිරිසිදු නොකර යළි යළිත් භාවිතය නිසා රට පුරා පිහිටි සැලුන් ආශ්‍රිතව දිලීර රෝග පැතිරයාමේ අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
මෙම දිලීර රෝග වැළඳුනු විශාල පිරිසක් රෝහල් වලින් ප්‍රතිකාර ලැබිමට දිනපතා ප‍්‍රතිකාර ගැනීමට පැමිණෙන්නේ යයිද ඔවුන් පෙන්වා දෙයි.
පවතින කාලගුණ තත්ත්වයද මෙම රෝග පැතිරීම ඉහල දැමීමට ඉවහල් වී ඇතැයිද පෙන්වා දෙන ඔවුන් රෝගීවූ අයගේ හිසකෙස් පවා ගැලවීමේ අවදානම පවතින බවද සඳහන් කරයි.
මේ නිසා හිස කැසීම, හිසෙන් බිබිලි හෝ දද මතුවීම වූ විට වහාම වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලැබිය යුතු බවද ඔවුන් අවධාණය කරයි

(සුසිල්-බලන)


No comments:
Post a Comment