.



Snowfall Widget for Blogger

Tuesday, April 22, 2014

අද හවස දුම්රිය පැය දෙකක් පමා වෙයි

     කොළඹ කොටුව දුම්රිය පොළේ  හතර වැනි හා පස් වැනි වේදිකා  අවහිර කරමින් සිල්පර කොට හරස් කරමින් කලහකාරී ලෙස හැසිරුණු දුම්රිය සේවකයින් පිරිසක් ඉවත් කිරීමට කැරැලි මර්දන පොලීසිය කැඳැවිණි.

පස්වරු තුනේ සිට හය පමණ වන විට පැය දෙකකට ආසන්න කාලයක් දුම්රිය මාර්ගය අවහිර කළ බව කියන දුම්රිය සේවකයින් අතර සිටි එක් පුද්ගලයෙක් ලේ පෙරාගෙන සිටියේය.
‘මට පොලීසියෙන් ගහුවා මං මේ උද්ඝෝෂණයට සම්බන්ධ මිනිහෙක් නෙවෙයි.මම වැඩ ඇරිලා ගෙදර යන්නයි අවේ යනුවෙන් එම පුද්ගලයා කීවේය .’

දුම්රිය ආදේශක,අනියම් හා තාවකාලික සේවකයෝ පිරිසක් සිය සේවය ස්ථිර කරන ලෙස ඉල්ලමින් දුම්රිය පාර අවහිර කළහ





(සුසිල්-බලන්)
ලංකාදීප ඇසුරෙන් 

No comments:

Post a Comment