.



Snowfall Widget for Blogger

Thursday, October 31, 2013

අද සිට බස් ගස්තු වැඩි වන අකාරය.


                                            ජාතික ගමනාගමන කොමිසම පවසා තිබෙන්නේ රුපියල් 09 ක අවම ගාස්තුව හැර අනිකුත් සියළුම බස් ගාස්තු අද සිට ඉහළ නංවා තිබෙන බවයි. මේ අනුව, ඉහළම බස් ගාස්තුවේ වැඩිවීම රුපියල් 46 කින් පමණ සිදුවේ.

රුපියල් 12 සිට රුපියල් 27 දක්වා ගාස්තුව රුපියලකින්ද, රුපියල් 30 සිට 32 දක්වා ගාස්තුව රුපියල් 02 කින්ද, රුපියල් 34 සිට 48 දක්වා ගාස්තුව රුපියල් 03 කින්ද, රුපියල් 49 සිට 60 දක්වා ගාස්තුව රුපියල් 04 කින්ද, රුපියල් 62 සිට 75 දක්වා ගාස්තුව රුපියල් 05 කින්ද, ඉහළ නංවා තිබෙන අතර රුපියල් 77 සිට රුපියල් 105 දක්වා ගාස්තුව රුපියල් 07 කින්ද, රුපියල් 107 සිට 117 දක්වා ගාස්තුව රුපියල් 08 කින්ද, රුපියල් 118 සිට 142 දක්වා ගාස්තුව රුපියල් 09 කින්ද, රුපියල් 143 සිට 151 දක්වා ගාස්තුව රුපියල් 10 කින්ද, රුපියල් 152 සිට 160 දක්වා ගාස්තුව රුපියල් 11කින්ද, රුපියල් 161 සිට 175 දක්වා ගාස්තුව රුපියල් 12 කින්ද, රුපියල් 177 සිට 186 දක්වා ගාස්තුව රුපියල් 13 කින්ද, රුපියල් 187 සිට 198 දක්වා ගාස්තුව රුපියල් 14 කින්ද, වැඩිකර ඇත. මෙම බස් ගාස්තු වැඩිකිරීම සියලුම පෞද්ගලික හා ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථවල අනිවාර්යයෙන්ම ප්‍රදර්ශනය කළයුතු බව ජාතික ගමනාගමන කොමිසම කියයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ මහරගම සිට ගාල්ල දක්වා බස් ගාස්තුවද රුපියල් 470 ක සිට රුපියල් 500 ක් දක්වා වැඩිකර ඇත.

(සුසිල්-බලන)

මන්මෝහන් ලංකාවට එයි !!!

(මන්මෝහන් සින් )
(

ශී‍්‍ර ලංකාව සමඟ පවතින සමීප සබඳතාව තහවුරු කර ගැනීමේ අරමුණින් ඉන්දීය අග‍්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතා ශී‍්‍ර ලංකාවේ පවතින පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට සහභාගී වීමට ඉඩ ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
පෙරේදා (30) අග‍්‍රමාත්‍යවරයා ඉන්දීය කොංග‍්‍රස් මණ්ඩලයේ නායකයින් සමඟ විශේෂ සාකච්ඡවක් පවත්වමින් පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට සහභාගී වීමෙහි ඇති ප‍්‍රතිලාභ සම්බන්ධයෙන් සාකච්ඡ කර ඇත.

(සුසිල්-බලන)

Wednesday, October 30, 2013

ජනප‍්‍රියම නළු නිළි යුවළ

විශ්ව හා දිනක්ෂි ජනප‍්‍රියම නළු නිළි යුවළට හිමි සුමති සම්මානයෙන් පිදුම් ලබයි
 
 
2013 සුමති ටෙලි සම්මාන උළෙලේ ජනප‍්‍රියම නළුවාට හිමි සම්මානය රංගන ශිල්පි විශ්ව කොඩිකාර හිමිකරගෙන තිබේ. ජනප‍්‍රියම නිළියට හිමි සම්මානය දිනාගනු ලැබුවේ රංගන ශිල්පිනී දිනක්ෂි ප‍්‍රියසාද් ය. වසරේ ජනප‍්‍රියම ටෙලිනාට්‍යයට හිමි සම්මානය ‘ඡායා’ ටෙලිනාට්‍යයට හිමි විය.
වසරේ නැගී එන නළුවාට හිමි සම්මානය රංගන ශිල්පි එරංග ජීවන්තට හිමිවූ අතර නැඟී එන නිළියට හිමි සම්මානය දිනාගත්තේ තිසුරි යුවනිකායි.
මෙවර පැවැත්වෙන්නේ 18 වැනි සුමති ටෙලි සම්මාන උළෙලයි



(සුසිල්-බලන)

උතුරෙන් යුද හමුදව ඉවත් කරන්නේ නැහැ.






                                                           ( ජනපති මහින්ද රාජපක්ස.)


යුද සමයේ රට බේරාගෙන, පශ්චාත් යුද සමයේ රටේ ජාතික ආරක්‌ෂාවට සහ සංවර්ධනයට ක්‍රියාකරමින් සිටින යුද හමුදාව කිසිසේත්ම උතුරෙන් ඉවත් නොකරන බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.

උතුරෙන් හමුදාව ඉවත් කිරීමෙන් දෙමළ ජනතාවගේ විසඳෙන ප්‍රශ්නය කුමක්‌ද කියා එම ඉල්ලීම කරන ජාත්‍යන්තරයෙන් ඇසිය යුතු යෑයිද රාජපක්‍ෂ මහතා පැවැසීය.

ජාතික ආරක්‌ෂාවට කටයුතු කරන ත්‍රිවිධ හමුදාවට උතුරේ සංවර්ධනයට දායකවීමට අයිතියක්‌ තිබෙන බවත් ඒ වගේම දායක වුණු බව අප මතක තබා ගත යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

උතුරේ පමණක්‌ නොව රට පුරාම හමුදා කඳවුරු පවතින බවත්. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‌ෂා කිරීමට ආරක්‌ෂක හමුදා සහාය අත්‍යවශ්‍ය බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් පැවැසීය.

කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (29 වැනිදා) සවස පැවැති කොතලාවල ආරක්‌ෂක විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වෙමින් ජනාධිපති රාජපක්‍ෂ මහතා එසේ පැවැසීය.


(සුසිල්-බලන)

Tuesday, October 29, 2013

කටුනයක ගුවන් තොට පුලුල් කරෙයි.




A-380 වැනි ලොව විශාලතම ගුවන්යානා කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ හැසිරවීමට හැකිවන ලෙස මීටර් 75 දක්වා ධාවන පථය පුළුල් කිරීම සඳහා වන කොන්ත‍්‍රාත්තුව චයිනා හාර්බර් ඉංජිනිරියන් සමාගමට පැවරීමට සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර ඇත.
ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද මේ වන විට ලැබී තිබේ. ව්‍යාපෘතිය සඳහා වැයවන මුදල ඇමෙරිකානු ඩොලර් 68,88,28,011 ක් පමණ වුනු ඇතැයි ගණන් බලා ඇත.
මේ සම්බන්ධයෙන් අප හා අදහස් දැක්වූ කටුනායක ගුවන් තොට බලධාරියෙකු පැවසුවේ ලබන වසරේ මුල ඇරඹීමට නියමිත මෙම අළුවැඩියාව හේතුවෙන් ඇතැම් අවස්ථාවල ගුවන් යානා මත්තල ගුවන් තොටට යොමු කිරීමක්ද සිදු වනු ඇති බවයි

(සුසිල්-බලන)

Monday, October 28, 2013

අනාගත කොලොම්පුර

ආනාගත කොළබ
 
 
2017දී කොළබ ඉදිවිමට නියමිත හෝටල් සන්කිරණයෙ විඩියෝ දර්ශන.
                                                                                                                                                                                              

             (සුසිල්-බලන)

එක රැයයි මිලියන 3 යි.


එක රැයයි මිලියන 3 යි.



ඊයේ සවස හයේ සිට අද උදෑසන හත දක්වා කාලය තුළ දී කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ අදායම රුපියල් මිලියන 3ක් වූ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
එම කාලය තුළ දී වාහන 11 000ක් අධිවේගී මාර්ගය භාවිතා කළ බව ඔවුන් සඳහන් කරයි. කොළඹ කටුනායක අධිවේගී මාර්ගය ඊයේ උදෑසන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කරන ලදී. එම මාර්ගයේ පළමු මඟියා වූයේ ජනාධිපතිවරයාය.

(සුසිල්-බලන)

Sunday, October 27, 2013

දෙවෙනි සුපිරි මග ඇරෙයි ..........

කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් අද විවෘත විය. එහි ගමන් ගත් පළමු මගියා ලෙස ජනපති තුමන්  මෝටර් රථයකින් ගමන් ගත් අතර පෑලියගොඩ මෙහෙයුම් මධ්‍යස්ථානය ද නිරීක්ෂණය කළහ.

සුසිල්(බලන)

ජේනුයින් නෙමේ කියලා අල්ලන්න කලින්




ජේනුයින් නෙමේ කියලා අල්ලන්න කලින් , Win 7 ඇක්ටිව් කරන ආකාරය.
( ඩෙස්ක්ටෝප් තිරය කලු වි නැත් නම් මෙය අනුගමනය කරන්න. )

1 ) පහල ලින්ක් එක ක්ලික් කරලා Windows Loader ඩවුන්ලෝඩ් කරගන්න.

2 )  ඊට පස්සේ මේ Windows Loader එක Open කරගන්න.

3 ) දැන් Windows Loader එකේ තියේන Install බටන් එක ක්ලික් කරන්න. ( දැන් ඔබ ටික වේලාවක් බලා සිටිය යුතුයි )

4 ) ටික වේලාවකට පසුව ඔබේ පරිගණකය Restart කරන්න දැයි අසයි. එහිදි Restart කරන්න ඉඩ දෙන්න.

5 ) දැන් Win 7 ගින්දර වගේ ඇක්ටිව්.
 
 
(සුසිල්-බලන )
 
 මේ ලින්ක් 1 ක්ලික් කරලා තත්පර 5 ඉවසන්න පසුව ස්කිප්  කියන තැන ක්ලික් කරන්න.වඩේ ගොඩ .

Saturday, October 26, 2013

පැන්සල සින්ග්‍රිසි-සින්හල ඩික්


මම අද ඔයාලට දෙන්නේ සිංග්‍රීසි - සිංහලට හරවන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක්.

මේකෙ නම තමයි " පැන්සල ".

මේ පැන්සල මෘදුකාංගය ගොඩාක් දියුණු මට්ටමේ පවතින එකක්.

මේ පැන්සල මෘදුකාංගය නිර්මාණය කරල තියේන්නේ Serandib Soft කියන ආයතනයක්. මොකද , මේ Serandib Soft ආයතනය දැනට සිංග්‍රීසි - සිංහල බවට පරිවර්තනය කරන මෘදුකාංග 3ක් හෝ 4ක් තියේනවා. ඒ හැම එකක්ම ගොඩාක්ම දියුණු මට්ටමේ තමයි තියේන්නේ.

මේ තියේන්නේ Serandib Soft සයිට් එකේ ලින්ක් එක - www.SerandibSoft.com

හරි , අපි මුලින්ම මේ පැන්සල මෘදුකාංගය ගැන දැම්මට පස්සේ කිප දෙනෙක් කිව්වා මේක Win 8 වලට වැඩ කරේ නැ කියලා. ඉතින් , ඒ අයට දැන්  Win 8 හා අනෙක් සියලුම මෙහයුම් පද්ධති වලට මේක කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.

ඒ වගේම ගොඩක් දෙනෙක් කිව්ව මේකට .Net ඉල්ලනව කියලා. ඒත් , අපට දැන් ස්ථිරවම කියන්න පුලුවන් , මේකට .Net ඕන නැ කියල. මොකද මේ පැන්සල මෘදුකාංගයේ අයිතිකරුම ඒ ගැන පහල Comment එකකින් කියල තියේනවා.

හරි , දැන් ඔයාලගේ මෙහයුම් පද්ධති වර්ගයට අදාල වන පැන්සල මෘදුකාංගය , මේ පහල ලින්ක් වලින් නොමිලේ කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න.

මේ ඩවුන්ලෝඩ් ලින්ක් ක්ලික් කරාට පස්සේ අලුත් ටැබ් එකක් Open වෙවි. 
අන්න ඒ පිටුවේ තියේන Name ( First & Last ) , Email හා Province ( ඔබ ශ්‍රී ලංකිකයේක් නම් පමණක් ) කියන ඒවා සම්පුර්ණ කරල ඉවර වෙලා , Submit & Download කියන එක ක්ලික් කල පසු ඔබට පැන්සල මෘදුකාංගය නොමිලේ කෙළින්ම ඩවුන්ලෝඩ් කර ගැනිමට හැක. ]






Win XP වලට මේ පැන්සල මෘදුකාංගය ඉන්ස්ටෝල් කරන්න කලින් , Win XP වලට සිංහල යුනිකෝඩ් ඉන්ස්ටෝල් කර තිබිය යුතුයි.
ඔබේ Win XP වල සිංහල යුනිකෝඩ් නැතිනම් , ඔබේ Win XP මෙහයුම් පද්ධති වර්ගයට අදාල වන සිංහල යුනිකෝඩ් පහල ලින්ක් වලින් ඩවුන්ලෝඩ් කරගන්න.



Win XP හැර අනෙක් මෙහයුම් පද්ධති වලට නම් , ගොඩක් වෙලාවට සිංහල යුනිකෝඩ් එනවා.
ඒත් , ඉතින් අනෙක් එවටත් සිංහල යුනිකෝඩ් නැතිනම් , පහල ලින්ක් වලින් ඔබේ මෙහයුම් පද්ධති වර්ගයට ගැලපෙන සිංහල යුනිකෝඩ් එක ඩවුන්ලෝඩ් කරගන්න.


#. Sinhala Unicode - Windows 7.

මේ පැන්සල මෘදුකාංගය ගැන තවත් දේවල් දැන ගන්න ඕන නම් , මෙතනින් ගිහින් පැන්සල මෘදුකාංගයේ Video එක බලන්න.

මේ පැන්සල මෘදුකාංගයේන් , ඔබත් වැඩක් කරගත්ත නම් , මේකට Comment එකක් දාන්න

( සුසිල්-බලන)

Friday, October 25, 2013


                                                        රවි අණ්ඩුවට?

 එක්සත් ජාතික පක්‍ෂ කොළම දිස්ත‍්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් බස්නාහිර පළාත් සභා මැතිවරණයට තරඟ වැදීමට සාකච්චා පැවැත්වෙන්නේ යයි දෙමළ මාධ්‍ය වාර්තා කරයි.
යාපනයේ පලවන උදයන් පුවත් පත වාර්තා කරන්නේ කොළඹ දිස්ත‍්‍රික්කයෙන් කරුණානායක මහතාට පළාත් මහ ඇමති ධුරය සඳහා තරඟ වැදීමට අවස්ථාව ලබා දීමට එහිදී සාකච්චා වී ඇති බවයි.
විනිමය වංචා සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වෙමින් ඇති නඩු සහ එජාපයේ මේ වන විට පවතින දැඩි පසුගමීත්වය කරුණාරත්න මහතාට අදාල තීරණය ගැනීමට බල කරනු ඇතැයිද පවසන එම වාර්තා වත්මන් මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා ලබන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තරඟ වැදීමට අවස්ථාව ලබා දීමටද යෝජනා වී ඇති බව කියයි.
විශේෂයෙන් කොළඹ දිස්ත‍්‍රික්කයේ ඇති මුස්ලිම් ඡන්ද විශාල ප‍්‍රමාණයක් කරුණානායක මහතාට ලබා ගැනීමට හැකි වනු ඇතැයි විශ්වාශ කරන ආණ්ඩුවේ ප‍්‍රධානීන් එය වයඹදී දයාසිරි ජයසේකර මහතාගේ පැමිණීමෙන් සන්ධාන ලබා ගත් අන්දමේ ජයග‍්‍රහණයක් බස්නාහිරදීත් ලබා ගැනීම හේතු වනු ඇති බව විශ්වාශ කරන්නේ යයිද එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සත්‍ය අසත්‍යතාවය දැන ගැනීම මන්ත‍්‍රී රවි කරුණනානායකගෙන් අප කල විමසීමට ඒ මහතා ප‍්‍රතිචාර දැක්වීය. තමන් මේ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් නීතිමය ක‍්‍රියාමාර්ග ගෙන නඩු දමා ඇති බව පැවසූ ඔහු එජාපය හැර යාමේ කිසිදු අදහසක් තමන්ට නැතැයිද කීවේය.

ඉන්දීය දුම්රිය මැදිරි උතුර බලා
       


මෑතකදී නැවත විවෘත කරන ලද උතුරු දුම්රිය මාර්ගයේ ධාවනය සඳහා දුම්රිය එන්ජින් 6ක් සහ මගී මැදිරි 78ක් ඉන්දියාවෙන් මිලදී ගැනීමට ප‍්‍රවාහන අමාත්‍යංශය තීරණය කර ඇත.
ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක මුදලක් ඉන්දීය ණය යෝජනා ක‍්‍රමය යටතේ වෙන් කර ඇත.
ආනයනය කරනු ලබන මැදිරි 78න් 12ක් වායු සමනය කළ මැදිරි වන අතර ඉතිරි මැදිරි 66 වායු සමනය නොකළ සාමාන්‍ය මැදිරි වේ.
උතුරු දුම්රිය මාර්ගයේ කිලිනොච්චිය දක්වා දුම්රිය ගමනාගමනයට දැනටමත් ආරම්භ කර ඇති අතර එය ලබන වසරේ ජූනි මාසය වනවිට කන්කසන්තුරේ දක්වා ද ලබන දෙසැම්බර් වනවිට තලෙයිමන්නාරම දක්වා ද දීර්ඝ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.   
          
සුසිල් (බලන)
25/10/2013