ජාතික ගමනාගමන කොමිසම පවසා තිබෙන්නේ රුපියල් 09 ක අවම ගාස්තුව හැර අනිකුත් සියළුම බස් ගාස්තු අද සිට ඉහළ නංවා තිබෙන බවයි. මේ අනුව, ඉහළම බස් ගාස්තුවේ වැඩිවීම රුපියල් 46 කින් පමණ සිදුවේ.
| රුපියල් 12 සිට රුපියල් 27 දක්වා ගාස්තුව රුපියලකින්ද, රුපියල් 30 සිට 32 දක්වා ගාස්තුව රුපියල් 02 කින්ද, රුපියල් 34 සිට 48 දක්වා ගාස්තුව රුපියල් 03 කින්ද, රුපියල් 49 සිට 60 දක්වා ගාස්තුව රුපියල් 04 කින්ද, රුපියල් 62 සිට 75 දක්වා ගාස්තුව රුපියල් 05 කින්ද, ඉහළ නංවා තිබෙන අතර රුපියල් 77 සිට රුපියල් 105 දක්වා ගාස්තුව රුපියල් 07 කින්ද, රුපියල් 107 සිට 117 දක්වා ගාස්තුව රුපියල් 08 කින්ද, රුපියල් 118 සිට 142 දක්වා ගාස්තුව රුපියල් 09 කින්ද, රුපියල් 143 සිට 151 දක්වා ගාස්තුව රුපියල් 10 කින්ද, රුපියල් 152 සිට 160 දක්වා ගාස්තුව රුපියල් 11කින්ද, රුපියල් 161 සිට 175 දක්වා ගාස්තුව රුපියල් 12 කින්ද, රුපියල් 177 සිට 186 දක්වා ගාස්තුව රුපියල් 13 කින්ද, රුපියල් 187 සිට 198 දක්වා ගාස්තුව රුපියල් 14 කින්ද, වැඩිකර ඇත. මෙම බස් ගාස්තු වැඩිකිරීම සියලුම පෞද්ගලික හා ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථවල අනිවාර්යයෙන්ම ප්රදර්ශනය කළයුතු බව ජාතික ගමනාගමන කොමිසම කියයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ මහරගම සිට ගාල්ල දක්වා බස් ගාස්තුවද රුපියල් 470 ක සිට රුපියල් 500 ක් දක්වා වැඩිකර ඇත. (සුසිල්-බලන) |


No comments:
Post a Comment