එක රැයයි මිලියන 3 යි.
ඊයේ සවස හයේ සිට අද උදෑසන හත දක්වා කාලය තුළ දී කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ අදායම රුපියල් මිලියන 3ක් වූ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
එම කාලය තුළ දී වාහන 11 000ක් අධිවේගී මාර්ගය භාවිතා කළ බව ඔවුන් සඳහන් කරයි. කොළඹ කටුනායක අධිවේගී මාර්ගය ඊයේ උදෑසන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කරන ලදී. එම මාර්ගයේ පළමු මඟියා වූයේ ජනාධිපතිවරයාය.
(සුසිල්-බලන)



No comments:
Post a Comment