
යුද සමයේ රට බේරාගෙන, පශ්චාත් යුද සමයේ රටේ ජාතික ආරක්‌ෂාවට සහ සංවර්ධනයට ක්‍රියාකරමින් සිටින යුද හමුදාව කිසිසේත්ම උතුරෙන් ඉවත් නොකරන බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.
උතුරෙන් හමුදාව ඉවත් කිරීමෙන් දෙමළ ජනතාවගේ විසඳෙන ප්‍රශ්නය කුමක්‌ද කියා එම ඉල්ලීම කරන ජාත්‍යන්තරයෙන් ඇසිය යුතු යෑයිද රාජපක්‍ෂ මහතා පැවැසීය.
ජාතික ආරක්‌ෂාවට කටයුතු කරන ත්‍රිවිධ හමුදාවට උතුරේ සංවර්ධනයට දායකවීමට අයිතියක් තිබෙන බවත් ඒ වගේම දායක වුණු බව අප මතක තබා ගත යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
උතුරේ පමණක් නොව රට පුරාම හමුදා කඳවුරු පවතින බවත්. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‌ෂා කිරීමට ආරක්‌ෂක හමුදා සහාය අත්‍යවශ්‍ය බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් පැවැසීය.
කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (29 වැනිදා) සවස පැවැති කොතලාවල ආරක්‌ෂක විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වෙමින් ජනාධිපති රාජපක්‍ෂ මහතා එසේ පැවැසීය.
(සුසිල්-බලන)


No comments:
Post a Comment