රවි අණ්ඩුවට?
එක්සත් ජාතික පක්‍ෂ කොළම දිස්ත‍්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් බස්නාහිර පළාත් සභා මැතිවරණයට තරඟ වැදීමට සාකච්චා පැවැත්වෙන්නේ යයි දෙමළ මාධ්‍ය වාර්තා කරයි.
යාපනයේ පලවන උදයන් පුවත් පත වාර්තා කරන්නේ කොළඹ දිස්ත‍්‍රික්කයෙන් කරුණානායක මහතාට පළාත් මහ ඇමති ධුරය සඳහා තරඟ වැදීමට අවස්ථාව ලබා දීමට එහිදී සාකච්චා වී ඇති බවයි.
විනිමය වංචා සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වෙමින් ඇති නඩු සහ එජාපයේ මේ වන විට පවතින දැඩි පසුගමීත්වය කරුණාරත්න මහතාට අදාල තීරණය ගැනීමට බල කරනු ඇතැයිද පවසන එම වාර්තා වත්මන් මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා ලබන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තරඟ වැදීමට අවස්ථාව ලබා දීමටද යෝජනා වී ඇති බව කියයි.
විශේෂයෙන් කොළඹ දිස්ත‍්‍රික්කයේ ඇති මුස්ලිම් ඡන්ද විශාල ප‍්‍රමාණයක් කරුණානායක මහතාට ලබා ගැනීමට හැකි වනු ඇතැයි විශ්වාශ කරන ආණ්ඩුවේ ප‍්‍රධානීන් එය වයඹදී දයාසිරි ජයසේකර මහතාගේ පැමිණීමෙන් සන්ධාන ලබා ගත් අන්දමේ ජයග‍්‍රහණයක් බස්නාහිරදීත් ලබා ගැනීම හේතු වනු ඇති බව විශ්වාශ කරන්නේ යයිද එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සත්‍ය අසත්‍යතාවය දැන ගැනීම මන්ත‍්‍රී රවි කරුණනානායකගෙන් අප කල විමසීමට ඒ මහතා ප‍්‍රතිචාර දැක්වීය. තමන් මේ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් නීතිමය ක‍්‍රියාමාර්ග ගෙන නඩු දමා ඇති බව පැවසූ ඔහු එජාපය හැර යාමේ කිසිදු අදහසක් තමන්ට නැතැයිද කීවේය.


No comments:
Post a Comment