.



Snowfall Widget for Blogger

Friday, May 30, 2014

මෝදි සමග ප්‍රවේසමෙන් වැඩ කරමු

    

                  නරේන්ද්‍ර මෝදි ඉන්දීය අගමැතිවරයා ලෙස පත්වීම ලංකාවේ දේශපාලන අනාගතයට සුභදායී නොවන බව බස්නාහිර පළාත් ඇමති උදය ගම්මන්පිල මහා පවසයි.
ඒ මහතා මේ අදහස් පල කලේ හෝමාගම හා වල්පිට පිහිටි දිස්ත්‍රික් කෘෂිකර්ම මධ්‍යස්ථානයන්හි ක්‍රියාත්මක එක් වසරක කෘෂිකර්ම පුහුණු පාඨමාලාව නිම කළ සිසුන් හට ස්වර්ණ තිළිණ සහ සහතික පත්‍ර පිරිනැමීමේ උත්සවයට එක් වෙමිනි. ඇමතිවරයා එහිදී මෙසේද කීය.

Friday, May 23, 2014

මෝඩිගේ උත්සයට යමු’ ජනපතිගෙන් විග්නේෂ්වරන්ට ඇරයුම්




               ලබන 26 වන දින පැවැත්වෙන ඉන්දීය නව අගමැති නරේන්ද්‍ර මෝඩිගේ දිවුරුම් දීමේ උත්සවය සඳහා තමන් සමඟ එක්වන්නැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන්ට ආරධනා කර ඇත.ඉන්දීය නව අගමැතිවරයා ලෙස නරේන්ද්‍ර මෝඩි දිවුරුම් දීමේ උත්සවය සඳහා ශ‍්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහභාගීත්වය නවදිල්ලිය විසින් තහවුරු කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මෙරට ජනාධිපති මාධ්‍ය ඒකකයෙන්ද ඒ බව සනාථ කර තිබේ.

Saturday, May 17, 2014

ගුවනේදී ගුවන් යානයක පියාපතක් ගැලවී යයි

ලන්ඩන් නගර ගුවන් තොටුපළින් ෆ්ලොරන්ස් බලා පිටත්වූ ගුවන් යානයක පියාපෙතෙන් කොටසක් අතරමගදී ගැලවී යාමේ පුවතක් වාර්තා වේ.
සිටිජෙට් ගුවන් සේවයට අයත් උඞ 281 යානය තුළ ඒ වන විට මගීන් 60ක් ගමන් කර ඇත.
ඇතැම් මගීන් විසින් පියාපතෙහි කොටසක් බුරුල් වනු සිය කවුළු තුලින් වීඩියෝ කර තිබේ.
සිටි ජෙට්හි ප‍්‍රකාශකයකු පවසා ඇත්තේ යානයේ තටුවේ ඇති මෙහෙයුම් යාන්ත‍්‍රණයේ ආවරණය මෙසේ ගුවන්ගතවූ පසු ගැලවී ගිය බවයි.

Friday, May 16, 2014

හංවැල්ලේ දන්සැලකින් බත් සමග ගෙම්බෙක්

    හංවැල්ල ප‍්‍රදේශයේ ඊයේ පැවැති බත් දන්සලකින් රැලෙන ආ බත් පාර්සලයක මියගිය ගෙම්බෙකුගේ සිරුරක් තිබී හමුවුණැයි පාදුක්ක දිද්දෙණිය ප‍්‍රදේහයේ පුද්ගලයෙකු හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයට පැමිණිලි කර ඇත.

Thursday, May 15, 2014

වසර 3000 පසු පිපෙන උදුම්බරා

     
                     බෞද්ධ සාහිත්‍යයේ ඇතැම් තැන්වල සඳහන්ව ඇති උඩුම්බරා නොහොත් ‘යුටාන් පොලුවෝ’ නමින් ද හඳුන්වනු ලබන මල් විශේෂය පසුගියදා චීනයේ යැංසි ප්‍රාන්තයේ ලුෂාන් කඳුකරයේ වාසය කරන චීන භික්ෂුණියකගේ නිවසේ තිබී සොයාගෙන ඇත.
වසර 3000 කට වරක් පිපෙන මෙම මල අතිදුර්ලභ ගණයේ පුෂ්ප විශේෂයකි. මිලිමීටර් එකක පමණ විශ්කම්භයකින් යුතු මේ මල 50 හැවිරිදි මියාවෝ වෙයි භික්ෂුණියට මුලින් ම දැකගත හැකි වූයේ ඇයගේ රෙදි සෝදන යන්ත්‍රය යට තිබියදී ය. ඇය මුලින් සිතුවේ මේවා පණු බිත්තර දෝ කියා යි. එහෙත් දිගටි දණ්ඩ දිගේ සුදු පැහැති කුඩා මල් 18 ක් පිපී තිබෙන අයුරු ඇයට දැකගත හැකි විය. එසේ ම ඒවා දැඩි සුගන්ධවත් වීම නිසා එම මල් ස්වාභාවික මල් බව තීරණය කිරීමට ඇයට හැකි විය.
සංස්කෘත භාෂාවෙන් උඩුම්බරා නම් වූ මේ පුෂ්ප හඳුන්වනු ලබන්නේ දිව්‍යලෝකයෙන් ගෙනෙනු ලැබූ සුබ පුෂ්ප ලෙසට ය.

Friday, May 2, 2014

විදෙස් මුස්ලිම් ත‍්‍රස්ත නායකයෙක් ඉන්දීය අත්අඩංගුවේ.. මහනුවර පදිංචිකරුවෙක්

         
ජාත්‍යන්තර මුස්ලිම් ත‍්‍රස්තවාදී සංවිධානයක ඉහල පෙලේ නායකයෙක් චෙන්නායිහිදී අත්අඩංගුවට ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
පාකිස්තානය මුල් කර ගත් මෙම ත‍්‍රස්ත ජාලයේ මෙම ප‍්‍රධානියා ශ‍්‍රී ලංකාවේ මහුනවර ප‍්‍රදේශයේ පදිංචි කරුවක් වන අතර වයස අවුරුදු 37ක් යයිද එම වාර්තවේ දැක්වෙයි.
සකීර් හුසේන් නම් මෙම පුද්ගලයා ඉන්දීය අධිකරණය විසින් රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.
 

(සුසිල්-බලන)

දුමරිය අනතුරට හේතුව ඉන්දීය ‘S-11′ බලවේග කට්ටලවල බ්රේක් නැති වීමයි

    ඊයේ දිනයේ කුරුණෑගල පොතුහැර දුම්රිය ස්ථානයේදී සිදු වූ අනතුර සිදුවීමට බලපා ඇත්තේ තිරිංග හරිහැටි ක‍්‍රියාත්මක නොවීම සහ දුම්රියට උප නියාමකවරයෙකු සේවයේ යෙදවීමට කටයුතු නොකිරීම බවත්, මෙහි වගකීම දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දැරිය යුතු බවත් සමස්ත ලංකා දුම්රිය සේවක පොදු සේවක සංගමය සදහන් කරයි.

නව ත්‍රස්තවාදී නයකයා විනාශ කල විරෝධාර රණවිරුවන්ට උපහර

   ත්‍රස්‌තවාදය නැවත පණ ගැන්වීමට තැත්කළ කොටි කණ්‌ඩායමක්‌ ජීවිතක්‍ෂයට පත්කළ යුද හමුදා රණවිරුවන්ට ප්‍රණාම සහතික පිරිනැමීම යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක අතින් (30 දා) සවස යුද හමුදා මූලස්‌ථානයේදී සිදු විය.