.



Snowfall Widget for Blogger

Friday, May 23, 2014

මෝඩිගේ උත්සයට යමු’ ජනපතිගෙන් විග්නේෂ්වරන්ට ඇරයුම්




               ලබන 26 වන දින පැවැත්වෙන ඉන්දීය නව අගමැති නරේන්ද්‍ර මෝඩිගේ දිවුරුම් දීමේ උත්සවය සඳහා තමන් සමඟ එක්වන්නැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන්ට ආරධනා කර ඇත.ඉන්දීය නව අගමැතිවරයා ලෙස නරේන්ද්‍ර මෝඩි දිවුරුම් දීමේ උත්සවය සඳහා ශ‍්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහභාගීත්වය නවදිල්ලිය විසින් තහවුරු කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මෙරට ජනාධිපති මාධ්‍ය ඒකකයෙන්ද ඒ බව සනාථ කර තිබේ.

      මේ සම්බන්ධයෙන් දැඩි විරෝධය පාන තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් ඇතුළු එම ප‍්‍රාන්ත දේශපාලඥයන් දිවුරුම් දීමේ උත්සවයට සහභාගීත්වය අවිනිශ්චිත තත්වයකට පත්ව ඇතැයිද එම මාධ්‍ය වාර්තා පවසයි.
ජනපති මහින්ද ඊට සහභාගී වීමට විරෝධය පාමින් ලබන 25 වන දා චෙන්නායිහිදී විරෝධතාවක් පැවැත්වෙන්නේ යයිද තව දුරටත් එම මාධ්‍ය වාර්තාවල දැක්වේ.




(සුසිල්-බලන)

No comments:

Post a Comment