ත්‍රස්‌තවාදය නැවත පණ ගැන්වීමට තැත්කළ කොටි කණ්‌ඩායමක් ජීවිතක්‍ෂයට පත්කළ යුද හමුදා රණවිරුවන්ට ප්‍රණාම සහතික පිරිනැමීම යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක අතින් (30 දා) සවස යුද හමුදා මූලස්‌ථානයේදී සිදු විය.
2014.04.11 දින වවුනියාව නැදුන්කර්නි වනාන්තරයේ ආයුධ සන්නද්ධව ත්‍රස්‌තවාදී ක්‍රියාකාරකම්වල නිරතව සිටි කොටි සාමාජිකයන් තිදෙනකු ඝාතනය කළ යුද හමුදා නිලධාරීහු සහ සෙබළු 08 ක් මෙහිදී වීර ක්‍රියා විශේෂ ප්‍රණාම සහතික ලැබූහ.
වන්නි ආරක්‍ෂක සේනා ආඥපති මේජර් ජනරාල් බොනිµස් පෙරේරාගේ මෙහෙයවීම මත විශේෂ බළකා බලසේනාධිපති බ්‍රිගේඩියර් ජයන්ත රත්නායකගේ නායකත්වය යටතේ සැළසුම් කළ සාර්ථක විශේෂ ක්‍රියාන්විතයක් මගින් ගෝපි හෙවත් තජිපන් පොන්නයියා සෙල්වනායකම්, තේවියන් හෙවත් සුන්දරලිංගම් සහ අප්පන් නමැති කොටි නායකයෝ තිදෙනා ජීවිතක්‍ෂයට පත්වූහ.
වන්නි ආරක්‍ෂක සේනා ආඥපති මේජර් ජෙනරාල් බොනිµස් පෙරේරා, විශේෂ බළකා බලසේනාධිපති බ්‍රිගේඩියර් ජයන්ත රත්නායක, කර්නල් ටී. එස්. සලේ, දෙවැනි විශේෂ බළකායේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් එම්. පී. ඩී. කේ. අමරසිංහ, ලුතිනන් පී. ජී. දිසානායක, කෝප්‍රල් දිනේෂ් කුමාර, කෝප්‍රල් ජී. ඒ. ඡේ. ඒ. ගමගේ, කෝප්‍රල් ඡේ. පී. එස්. ජයසිංහ යන රණවිරුවෝ මෙහිදී වීර ක්‍රියා විශේෂ ප්‍රණාම සහතික පත්‍ර හිමිකර ගත්හ.

(සුසිල්-බලන)

No comments:
Post a Comment