.



Snowfall Widget for Blogger

Tuesday, February 4, 2014

ජිනීවා යෝජනාවට බයත් නෑ.. රටේ ස්වාධීනත්වය පාවා දෙන්නෙන් නෑ – සිංහ ගර්ජනාව කෑගල්ලේ රැවුදේ..

         
                          අද කෑගල්ලේ පැවති ජාතික නිදහස් දින උත්සවය අමතමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කියා සිටියේ ලොව බලවත් රටවල් උතුරේ දෙමළ ජනතාව පළිහක් කරගෙන භුක්ති විඳින නිදහස අනතුරේ හෙළා ශ‍්‍රි ලංකාව අස්ථාවර කිරීමට උත්සාහ දරන බවයි.
ලොව බලවත් රටවල් විසින් ත‍්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම කෙතරම් දුෂ්කරද යන්න තේරුම්ගත යුතුව ඇතැයිද ඒ මහතා කියා සිටියේය.
‘යුද්ධයේ සාමයට අකාර්යක්‍ෂමතාවයෙන් කාර්යාක්‍ෂමතාවයටත්, ත‍්‍රස්තවාදය පරාජය කර සාමය ඇති කරන්නටත් අපි කටයුතු කළා. ත‍්‍රස්තවාදීය පරාජය කර දකුණේ අය ජයග‍්‍රහණය ලබා ගන්නකොට එය උතුරේ අයගේ විජයග‍්‍රහණයක් වෙනවා. උතුරේ අයගේ මානව හිමිකම් උල්ලංඝණය වෙනකොට එයට මැදිහත් වුණේ රටේ ආණ්ඩුවයි. උතුරේ නායකයින් මරනකොට, සෑම ගෙදරකම කෙනෙක්ම එල්.ටී.ටී.ඊ කට බැදෙන්න ඕන. උතුරෙන් ජනතාවට සහනාධාර ටික කොල්ල කන කොට,උතුරේ දියණියගේ වැඩිවිය කොල්ල කනකොට, උතුරේ රජයේ සේවකයා මාසික පඩිය ගත්තාහම එයිනුත් කොටසක් ඔවුන් උදුර ගන්න කොටි වැඩ කලා. උතුරේ ජනතාව නිදහස් හොයා ගෙන ආවේ දකුණට වැල්ලවත්ත, කොල්ලූපිටියට. ඒඅ ය ආරක්‍ෂා වුණෙ දකුණට ඇවිත්.
2009 දී අපි ත‍්‍රස්තවාදය අපි අතුගා දමන්නට බැරි වුණානම් අද උතුරේ ජනතාවට පාසල් යන්න, විශ්ව විද්‍යාලයට යන්න ජනතාවට නිදහසේ ජිවත් වෙන්න පුළුවන් වෙන්නේ නෑ. දශක 03 ක පිඩනය අවසන් වුණා. කිසිම වෙඩි උණ්ඩයක් බෝම්බයක් අද වැටෙන්නේ නෑ. නමුත් අද උතුරේ ජනතාව පලියක් කරගෙන විදේශ බලවේග උත්සහා කරනවා. ජනතාව රැක ගන්න නීතියේ අධිපත්‍ය රැක ගන්න අපි කටයුතු කරනවා.
බලවත් රටවල මුහුණ දීමට නොහැකි භායානායක අභියෝගයක් වන ත‍්‍රස්තවාදය පරාජය කරන්න පරාජය කරන්න අපිට පුළුවන් වුණා.
ඒ අභියෝගය අපි කෙසේ හෝ ජය ගත්තා. අපි යුද්ධයේදී අපේ සිවිල් ජනතාව බේරා ගෙන ඔවුන් ආරක්‍ෂා කර ගැනීම තමයි අපේ පලමු අරමුණ වී තිබුණේ. මේ ත‍්‍රස්තවාදි යුද්ධය වසර 04 ක කාලය පුරා මේ තරම් ඉදිරියට ගිය රටක් මේ ලෝකේ කෙහේවත් නෑ.
බේදුම්වාදය වෙනුවෙන් කැප වුණු පරාජිතයින් ලබා දෙන තොරතුරු ලංකාව සම්බන්ධයෙන් යුධ අපරාධ සම්බන්ධ තොරතුරු ලංකාවට එරෙහිව ජිනිවා වලදී ගෙන එන යෝජනා සම්බන්ධයෙන් අපි බය වෙන්නේ නෑ. මොකද රටක ස්වාධිනත්වය ආරක්‍ෂා කරන්න අපි කටයුතු කළා’ යයිද ජනපතිතුමන් එහිදී වැඩිදුරටත් කියා සිටියේය

(සුසිල්-බලන)

No comments:

Post a Comment