.



Snowfall Widget for Blogger

Thursday, February 6, 2014

ජිනීවා සටනේදී ලෝක බලවතාගේ සහාය ශ‍්‍රී ලංකාවට බව තහවුරු කරයි.



               නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතා හා විශේෂ සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින රුසියානු සමුහාණ්ඩුවේ නියෝජ්‍ය කථානායක සර්ජි සෙලෙසන්ජැක් මහතා (Hon. Sergey Zheleznjak) ඇතුළු විශේෂ දුත පිරිස අතර හමුවක් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක කාර්යාලයේ දී පැවැත්විණි.
මෙම සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාව හා රුසියානු සමූහාණ්ඩුව අතර අතීතයේ සිට පවතින සමීප සබදතාවයන් පිළිබදවත් ශ්‍රී ලංකාවේ දියුණුව වෙනුවෙන් රුසියාව ලබා දෙන සහයෝගය පිළිබදවත් නියෝජ්‍ය කථානායකතුමන් ඇගයීමට ලක් කළ අතර රුසියානු දුත පිරිස පවසා සිටියේ ඉදිරියේදී ශ්‍රී ලංකාවේ සංවර්ධනය සදහා උපරිම සහයෝගය ලබා දීමට කටයුතු කරන බවයි.
එමෙන්ම ශ්‍රී ලංකාවේ තේ අපනයනය මිලදී ගනු ලබන ප්‍රමුඛත ම රට වන්නේ රුසියාව බවත්, ඒ පිළිබදව ශ්‍රී ලංකාවේ ස්තුතිය රුසියාවට හිමි වන බව ද චන්දිම වීරක්කොඩි මහතා පැවසීය. අන්තර් පාර්ලිමේන්තු සම්බන්ධතාවය වර්ධනය කිරීම හා  රුසියානු ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රසංවිධාන අතර අත්දැකීම් හුවමාරු වැඩසටහනක් හා පාර්ලිමේන්තු ක්‍රමවේදයන් පිළිබද අධ්‍යන වැඩසටහනක් ආරම්භ කිරීමේ වැදගත්කම පිළිබදව ද මෙහිදී සාකච්ඡා කරන ලදි.
අන්තරජාතික රටවල් ශ්‍රී ලංකාව පිළිබදව දරණ මතය හැමවිටම නිවැරදි මතය නොවන බව සහ යුද්ධයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන වැඩසටහන සදහා ශ්‍රී ලංකාවට ම අනන්‍ය වූ ක්‍රමවේදයක් හා ඒ සදහා අදාළ තීන්දු තීරණ ගැනීමේ අයිතීන් ශ්‍රී ලංකාවට තිබිය යුතු යයි රුසියාව විශ්වාස කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
එමෙන් ම රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානය මගින් ශ්‍රී ලංකාව තුළ සිදු කරනු ලබන කාර්ය භාරය චන්දිම වීරක්කොඩි මහතා විසින් ඉතා අගය කළ අතර රුසියානු ආයෝජකයින් තව තවත් ශ්‍රී ලංකාවේ ආයෝජනය සදහා යොමු කරවීමට කටයුතු යොදන ලෙස ද චන්දිම වීරක්කොඩි මහතා ඉල්ලා සිටියේ ය. ඒ සදහා අවශ්‍ය කටයුතු සිදු කිරීමට රුසියානු නියෝජ්‍ය කථානායකවරයා කැමැත්ත පළ කළේ ය.
සංස්කෘතික, කලා, ගෘහ නිර්මාණ යන අංශ වලින් දෙරට අතර අත්දැකීම් හුවමාරු කර ගැනීමේ ක්‍රමවේදයක් පිළිබදව ද රුසියානු නියෝජ්‍ය කථානායකවරයා අවධානය යොමු කළ අතර ඒ සදහා ශ්‍රී ලංකාවේ උපරි ම  සහයෝගය ලබා දෙන බව ද චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.

(සුසිල්-බලන)

No comments:

Post a Comment