.



Snowfall Widget for Blogger

Thursday, January 23, 2014

ඝෝඨාභය ඇමරිකන් තානාපති තුමියට මුනටම කියයි.

           


         මෙරට කිසිදු ගැටළුවක් විසඳීමට ඇමරිකානු තානාපතිවරයියට නොහැකි බව තමන් ඇයට කියූ බව ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.
          ඒ මහතා කියා සිටියේ රාජතාන්ත‍්‍රිකයන් රාජතාන්ත‍්‍රික කටයුතු හැර අන් සියළු කටයුතු කරන බවයි.
රාජපක්‍ෂ මහතා මේ අදහස් පල කලේ මඩකලපුවේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.
ආරක්‍ෂක ලේකම්වරයා එහිදී මෙසේද පැවසීය.
    ‘මේ රටේ ජනාධිපතිතුමා වසර හතලිහක් දේශපාලනය කර තිබෙනවා. අපේ පවුලෙත් වසර හැත්තෑ පහක් දේශපපාලනය කලා. අපි නායකයින්. අපට මේ රටේ ප‍්‍රමාණවත් නායකයන් පිරිසක් ඉන්නව වගේම අපි දන්නව මේ රට ගෙන යන්න  ඕන කොහොමද කියල. අපි දන්නව අපේ ගැටළු විසඳගන්න  ඕන කොහොමද කියල.
     අපේ රටට එන්න වගේම රට කොහොමද ගෙනියන්න  ඕන කියල අපට කියන්න උත්සාහ කරන්න එපා.
දැන් ප‍්‍රශ්න විසඳගන්න අපි විදේශිකයන් ළඟට යන්න  ඕන නැහැ. විදේශිකයන් ළඟට යාමේ තේරුමක් නැහැ. ඔවුන්ට බෑ අපේ ගැටළු විසඳන්න. ඔවුන් කරන්නෙ ඒව තවත් අවුල් සහගත කිරීම පමණයි.
ඇමරිකානු තානාපතිවරයාට පුළුවන්ද අපේ ගැටළු විසඳන්න. දැන් ඇය හැම තැනම යනව වගේම ඇතැම් මිනිසුන් ඇය ළඟට එමින් ඇයට මේ සියල්ල දන්වනව. ඔවුන්ට මොනවද කරන්න පුළුවන්.
අපේ කිසිදු ගැටළුවක් විසඳන්න ඔබට බැහැ කියල මම ඇයට කිවුව. ඒක ඔබේ කාර්යයක් නොවන බවත් කිවුව.
  රාජතාන්ත‍්‍රිකයන් මෙරටදී කල යුත්තේ රාජතාන්ත‍්‍රික කටයුතු. ඔවුන් රාජතාන්ත‍්‍රික කටයුතු හැර අනෙක් සියළු දේ කරනව’


(සුසිල්-බලන)

No comments:

Post a Comment