.



Snowfall Widget for Blogger

Friday, January 17, 2014

උතුරෙන් හමුදාව ඉවත් කර කොටි සිරකරුවන් නිදහස් කලොත් යුධ අපරාද චෝදනා නෑ – ඇමරිකාව

        තුරු පළාතෙන් හමුදාව ඉවත් කිරීම ඇතුළු කරුණු හයක් ඉටු කරන්නේ නම් ලබන මාර්තුවේ ජිනීවාහිදී ශ‍්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින යුධ අපරාධ චෝදනාව ඉවත් කරන බවට ඇමරිකා රජය විසින් කරනු ලැබූ ඉල්ලීම ශ‍්‍රී ලංකා රජය විසින් එක හෙළාම ප‍්‍රතික්‍ෂෙප කර තිබේ.
ඇමරිකානු යෝජනා ව්‍යවර්ථ කිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාව පාවා නොදෙන්නේ යයි ඇමරිකාවට දන්වා ඇතැයි ඉහල පෙලේ රජයේ ආරංචි මාර්ග කියයි.  ඇමරිකානු මෙම ඉල්ලීම් ඉටු කලහොත් බෙදුම්වාදයට යළි මාර්ග විවෘත වන්නේ යයිද රජය දන්වා තිබේ.
13 වැනි සංශෝධනය අනුව උතුරට ඉඩම්-පොලිස් බලතල දීම, උතුරේ ඉඩම් නිදහස් කිරීම, යුධ අපරාධ චෝදනා එල්ල වී ඇති හමුදා නිලධාරීන් ගැන ස්වාධීන පරීක්‍ෂණයක් කිරීම, රාජ්‍ය නොවන සංවිධානවලට කිසිදු බාධාවකින් තොරව රට තුල ක‍්‍රියාත්මක වීමට ඉඩ සැලසීම, අත්අඩගුවේ සිටින කොටින්ට නඩු පැවරීම හෝ සමාව දීම යන කරුණු එලෙස ඉටු කරන්නැයි ඇමරිකාව ශ‍්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇත.


(සුසිල්-බලන)

No comments:

Post a Comment