.



Snowfall Widget for Blogger

Thursday, January 23, 2014

ඝෝඨාභය ඇමරිකන් තානාපති තුමියට මුනටම කියයි.

           


         මෙරට කිසිදු ගැටළුවක් විසඳීමට ඇමරිකානු තානාපතිවරයියට නොහැකි බව තමන් ඇයට කියූ බව ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.
          ඒ මහතා කියා සිටියේ රාජතාන්ත‍්‍රිකයන් රාජතාන්ත‍්‍රික කටයුතු හැර අන් සියළු කටයුතු කරන බවයි.
රාජපක්‍ෂ මහතා මේ අදහස් පල කලේ මඩකලපුවේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.
ආරක්‍ෂක ලේකම්වරයා එහිදී මෙසේද පැවසීය.
    ‘මේ රටේ ජනාධිපතිතුමා වසර හතලිහක් දේශපාලනය කර තිබෙනවා. අපේ පවුලෙත් වසර හැත්තෑ පහක් දේශපපාලනය කලා. අපි නායකයින්. අපට මේ රටේ ප‍්‍රමාණවත් නායකයන් පිරිසක් ඉන්නව වගේම අපි දන්නව මේ රට ගෙන යන්න  ඕන කොහොමද කියල. අපි දන්නව අපේ ගැටළු විසඳගන්න  ඕන කොහොමද කියල.
     අපේ රටට එන්න වගේම රට කොහොමද ගෙනියන්න  ඕන කියල අපට කියන්න උත්සාහ කරන්න එපා.
දැන් ප‍්‍රශ්න විසඳගන්න අපි විදේශිකයන් ළඟට යන්න  ඕන නැහැ. විදේශිකයන් ළඟට යාමේ තේරුමක් නැහැ. ඔවුන්ට බෑ අපේ ගැටළු විසඳන්න. ඔවුන් කරන්නෙ ඒව තවත් අවුල් සහගත කිරීම පමණයි.
ඇමරිකානු තානාපතිවරයාට පුළුවන්ද අපේ ගැටළු විසඳන්න. දැන් ඇය හැම තැනම යනව වගේම ඇතැම් මිනිසුන් ඇය ළඟට එමින් ඇයට මේ සියල්ල දන්වනව. ඔවුන්ට මොනවද කරන්න පුළුවන්.
අපේ කිසිදු ගැටළුවක් විසඳන්න ඔබට බැහැ කියල මම ඇයට කිවුව. ඒක ඔබේ කාර්යයක් නොවන බවත් කිවුව.
  රාජතාන්ත‍්‍රිකයන් මෙරටදී කල යුත්තේ රාජතාන්ත‍්‍රික කටයුතු. ඔවුන් රාජතාන්ත‍්‍රික කටයුතු හැර අනෙක් සියළු දේ කරනව’


(සුසිල්-බලන)

Friday, January 17, 2014

උතුරෙන් හමුදාව ඉවත් කර කොටි සිරකරුවන් නිදහස් කලොත් යුධ අපරාද චෝදනා නෑ – ඇමරිකාව

        තුරු පළාතෙන් හමුදාව ඉවත් කිරීම ඇතුළු කරුණු හයක් ඉටු කරන්නේ නම් ලබන මාර්තුවේ ජිනීවාහිදී ශ‍්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින යුධ අපරාධ චෝදනාව ඉවත් කරන බවට ඇමරිකා රජය විසින් කරනු ලැබූ ඉල්ලීම ශ‍්‍රී ලංකා රජය විසින් එක හෙළාම ප‍්‍රතික්‍ෂෙප කර තිබේ.
ඇමරිකානු යෝජනා ව්‍යවර්ථ කිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාව පාවා නොදෙන්නේ යයි ඇමරිකාවට දන්වා ඇතැයි ඉහල පෙලේ රජයේ ආරංචි මාර්ග කියයි.  ඇමරිකානු මෙම ඉල්ලීම් ඉටු කලහොත් බෙදුම්වාදයට යළි මාර්ග විවෘත වන්නේ යයිද රජය දන්වා තිබේ.
13 වැනි සංශෝධනය අනුව උතුරට ඉඩම්-පොලිස් බලතල දීම, උතුරේ ඉඩම් නිදහස් කිරීම, යුධ අපරාධ චෝදනා එල්ල වී ඇති හමුදා නිලධාරීන් ගැන ස්වාධීන පරීක්‍ෂණයක් කිරීම, රාජ්‍ය නොවන සංවිධානවලට කිසිදු බාධාවකින් තොරව රට තුල ක‍්‍රියාත්මක වීමට ඉඩ සැලසීම, අත්අඩගුවේ සිටින කොටින්ට නඩු පැවරීම හෝ සමාව දීම යන කරුණු එලෙස ඉටු කරන්නැයි ඇමරිකාව ශ‍්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇත.


(සුසිල්-බලන)

Tuesday, January 7, 2014

ඩුබායි නව අවුරුදු

                2013 වර්ෂයේ අවසාන දිනය එනම් 2014 අවුරුදු උදාව ඩුබයි රාජ්‍ය පිළිගත් අයුරු .මේ සදහා ඔව්න් ඩෝලර් මිලියන 6 වියදම් කොට ලෝක වර්ථාවක් තබීමට තරම් අපුරු මල් වෙඩි සන්දර්ශණ යක් පැවැත් වීය.මේ සදහා මාස දහයක් කාලයක් ඔව්න් සැළසුම් සැකසීය.පරිඝණක 100 පමණ යොදා ගැනීමට සිදුවීය. මීට පෙර මෙම වර්තවට හිමිකම් කියනුයේ කුවේට් රජ්‍ය වේ.  පහත වීඩීයෝව බලන්න.