.



Snowfall Widget for Blogger

Monday, December 8, 2014

ඇහැට ඇහැක්… තිස්ස අත්තනායක ආණ්ඩුවට එක් වේ..

   

     එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම මහලේකම් තිස්ස අත්තනායක මහතා එම පක්‍ෂයෙන් ඉල්ලා අස්වී ආණ්ඩුවට එක්විය.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අරලිය ගහ මන්දියරයේදී මුණ ගැසුණු ඒ මහතා මෙසේ ආණ්ඩුවට එක් වූ අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂ මන්ත‍්‍රී ජයන්ත කැටගොඩ මහතාද ඒ සමගම ආණ්ඩුවට එක් විය.
මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් හිස් වූ සෞඛ්‍ය ඇමති ධුරය ආන්ඩුවට එක් වූ අත්තනායක මහතාට ලබා දෙනු ඇතැයිද පැවසේ.

Thursday, December 4, 2014

චම්පිකලා, රතනලාට මොන හෙළ උරුමයක්ද? සෑබෑ හෙළ උරුමය ජනපතිටයි..


චම්පිකලා, රතනලාට මොන හෙළ උරුමයක්ද? සෑබෑ හෙළ උරුමය ජනපතිටයි.. චම්පිකලා රතනලා යනු බොරු හෙළ උරුමකාරයන් බවත් ඇත්ත හෙළ උරුමය තව දුරටත් ජනපති මහින්ද සමග බවත් ජාතික හෙළ උරැමයේ හිටපු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී එල්ලාවල මේධානන්ද හිමියෝ පවසති.
කොලඹදී මාධ්‍ය අමතමින් උන් වහන්සේ කියා සිටියේ බොරු හෙළ උරුමකාරයන් පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහත පස්සේ ගියාට සැබැ හෙළ උරුමකරුවන් සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතා සමග බවයි.

Monday, September 8, 2014

‘ජපනා හපනා’ කියා සිංහලෙන් කියනවා.. මම එවැනිම ව්‍යාපාරික හපන්නු ගෙනාවා – ජපාන අගමැති


                               

                            සිංහලෙන් “ජපනා හපනා“ යනුවෙන් කියමනක් ඇතැයි තමා අසා තිබෙන බවත් එම කියමනේ සඳහන් වන ආකාරයෙන්ම ඉහළ ව්‍යාපාරික ධූත පිරිසක් තමන් ලංකාවට රැගෙන ආ බවත් ජපාන අග්‍රාමාත්‍යවරයා කියයි.
ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා අද පස්වරුවේදී කොළඹ පැවති ශ්‍රී ලංකා-ජපාන ව්‍යාපාරික සමුළුව අමතමින් මේ බව සඳහන් කළේය.

Monday, August 11, 2014

ජංගම දුරකතනයේ දවසට පැය කීයක් එල්ලිලාද ?.. ඔබට මොලේ පිළිකාවක් නැතැයි කියා ෂුවර්ද?

  ජංගම දුරකතනයේ දවසට පැය කීයක් එල්ලිලාද ?.. ඔබට මොලේ පිළිකාවක් නැතැයි කියා ෂුවර්ද?   
                  බ භාවිත කරන ජංගම දුරකතනය මගින් විහිදුවන විද්‍යුත්චුම්බක විකිරණ ඔබේ මොළයේ පිළිකා ඇති කිරීමට තරම් ප‍්‍රබල බව ඔබ දන්නවාද?
විකිරණශීලීත්වය අතින් ඉතාම වැඩි ජංගම දුරකථන වෙළදපොළේ  ඕනෑතරම් මිලදී ගන්නට ඇතත් ඒවා මොනවාදැයි වෙන් කරගැනීමේ හැකියාවක් හැමදෙනාටම නොතිබෙන්නට පුළුවන්.විශේෂාංග,ස්වරූපය,වේගවත් අන්තර්ජාල පහසුකම් ආදිය පිළිබද සැලකිලිමත් වන ඔබට මේ පිළිබද මගහැරෙන එක පුදුමයක් නොවෙයි.නමුත් ජංගම දුරකථන වල පවතින විද්‍යුත් චුම්බක විකිරණශීලීත්වය මොළයේ පිළිකා ඇතිකිරීමේ අවදානමක් පවතින බවට ජාත්‍යන්තර පිළිකා සමීක්ෂණ ඒජන්සිය මගින් අනතුරු අගවා තිබෙනවා.

Friday, June 20, 2014

මේ වෙලාවේ ගුවන් ගත වී තිබෙන ගුවන් යානා බලමු

මේකනම් නියම වැඩක්.live බලන්න පුලුවන් ඕනෙම රටක ගුවනේ මේ වෙලාවේ ප්ලේන් එකක් එහෙම යනවනම් කොහේද යන්නේ කියලා.

මේක ඇත්ත කියලා බලන්න අපි ප්ලේන් එකක් ගිය වෙලාවට ටක් ගාලා log වෙලා බැලුවා.මෙන්න පේනවා වගේම ඇත්ත. අපිට පුලුවන් ඒක ගොඩබාන තැන වුනත් බලා ගන්න. ඊට අමතරව තව ගුවන් ගමන් පිළිබද විස්තරත් බලාගන්න පුලුවන්.

Friday, June 13, 2014

හෙළ වෙදකම ලොව මවිත කරයි.



                             අපි කුඩා කල ‘හීන් සැරය’ කියෙව්වෙමු. අලි හොඬෙන් රිංගගත් චූටි කටුස්‌සා, සද්දන්ත අලියාට දස වදයම දුන්නේය. අද අප අත්විඳින හීන් සැරයක්‌ වෙයි. ඒ ඩෙංගු මදුරුවාය. ලෝකයම අතැඹුලක්‌ කරගන්නට තරම් දක්‍ෂ වූ මනුෂ්‍යයාට මේ පුංචි මදුරුවා කරන ලතැවුල සුළු පටු නැත. ඩෙංගු මදුරුවා යනු ‘හීන් සැරයක්‌’ නොව ‘මාරක සැරයකි’. අද ශ්‍රී ලංකාවේ පාසල් වල නිවාඩු පනවන්නටද, අධිකරණවලට නඩු ගෙනෙන්නටද, නඩු නැතිවම මරණ දණ්‌ඩනය ක්‍රියාත්මක කිරීමටද ඩෙංගු මදුරුවාට හැකිය. මොන්ටිසෝරියට යන ළදරුවාද, පරිපාලන නිලධාරියාද, ඇමැතිද, අගමැතිද කියා කිසිදු භේදයකින් තොරව මේ සියලුදෙනා මත සිය ආඥාව පැතිරීමට ‘ඩෙංගු’ට හැකිව තිබේ. ඩෙංගු මර්දනයට රටේ පාලනය ගත් උත්සහයක්‌ වේ නම් ඒ සියල්ල පරාජය කරමින් දැන් ඩෙංගු යළිත් හිස ඔසවා ඇත. සමස්‌ත රටම ඩෙංගුට හිස නැමිය යුතු තත්ත්වයක්‌ උදාවී ඇත. එහෙත් ඩෙංගු මදුරුවාට පාලනය කළ නොහැකි එකම එක මනුෂ්‍ය දුවක්‌ මේ සිරිලකෙහි සිටින්නීය. ඩෙංගු විසෙන් මරණය පෙනෙන මිනිසුන් සිය ගණනකගේ ජීවිත බේරාදුන්, අම්බලන්ගොඩ වෙසෙන, තරංගා කුමාරි වික්‍රමසූරිය නම් මේ යොවුන් වෛද්‍යවරිය දිව්‍ය ඔසු තනන මනුෂ්‍ය දියණියකි.

පාපන්දු ලෝක කුසලනේ ඇරබේයි.

2014 ලෝක පාපන්දු ලොකකුසලනය බ්‍රසීලයේදී අති උත්සවශ්‍රීයෙන් ශියෙන් ඇරඹේ.19 වෙනි වරට පවත්තනු ලබන ලෝක පපන්දු කුසලනය මෙවර සත්කරක රට ලෙස කටයුතු කරන්නේ බ්‍රසීලය වන අතර බ්‍රසීලය ලෝක පපන්දු කුසලනය මෙවනවිට 5 වාතවක් ජයග්‍රහණය කර තිබේ.මෙවර සත්කාරක රටවන බ්‍රසීලයට  ලස්සනබලන අපේ උණුසුම් සුභ පැතුම්.