.



Snowfall Widget for Blogger

Thursday, December 4, 2014

චම්පිකලා, රතනලාට මොන හෙළ උරුමයක්ද? සෑබෑ හෙළ උරුමය ජනපතිටයි..


චම්පිකලා, රතනලාට මොන හෙළ උරුමයක්ද? සෑබෑ හෙළ උරුමය ජනපතිටයි.. චම්පිකලා රතනලා යනු බොරු හෙළ උරුමකාරයන් බවත් ඇත්ත හෙළ උරුමය තව දුරටත් ජනපති මහින්ද සමග බවත් ජාතික හෙළ උරැමයේ හිටපු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී එල්ලාවල මේධානන්ද හිමියෝ පවසති.
කොලඹදී මාධ්‍ය අමතමින් උන් වහන්සේ කියා සිටියේ බොරු හෙළ උරුමකාරයන් පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහත පස්සේ ගියාට සැබැ හෙළ උරුමකරුවන් සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතා සමග බවයි.

‘දැන් බරපතල ආකාරයෙන් වෛරී දේශපාලන  සංස්කෘතියක් ක‍්‍රියාතමක වෙනවා.  භික්ෂූන් වහන්සේලාගෙන් හා පිංවතුන්ගෙන් කටින්ම ඒ බව ප‍්‍රකාශ වෙනවා.  බෞද්ධ රටක් හැටියට මේ දේශපාලනය හොද ක‍්‍රියාකලාපයක් නොවේ.
ඒ නිසා කරුණාව දයාව පෙරදැරි කරගත් බුදුන්ගේ ධර්මය අනුව කටයුතු කරන බහුතර භික්ෂූන් වහන්සේලා වශයෙන් අප නිහඩව සිටීම සුදුසු නෑ.
දත් මිටි කාගෙන අත මිට මොලවාගෙන තර්ජනාත්මක  ස්වරූපයෙන් ජනාධිපතිතුමා පරාජය කරනවාමයි කියමින් වේදිකාවල මාධ්‍යයේ පසුගිය දවස්වල ප‍්‍රකාශ වුණා.
ඒ අනුව හෙටක් රටක් ජාතික සංවිධානය අප පිහිටුව ගත්තේ මෙ රටට යම් සේවයක් කළ ජනාධිපති  මහින්ද රාජපක්ෂ මහතාට කළගුණ සැලකීම සදහා’ යයිද උන් වහන්සේ කියි සිටියහ.










(සුසිල්-බලන)

No comments:

Post a Comment