.



Snowfall Widget for Blogger

Monday, March 24, 2014

එම්.එච්370 යානයේ ඉරණම අවසන් වු හැටි

  යානා ඉතිහාසයේ පෙර නොවූ විරූ අයුරින් සති දෙකකට අධික කාලයක් රටවල් ගණනාවක් එ්කාබද්ධව ගුවනින්, මුහුදින්, ගොඩබිමින් මෙහෙයුම් කරමින් සොයාගිය අතුරුදන් එම්.එච්.370 මගී ගුවන් යානය දකුණු ඉන්දීය මුහුදට කඩාවැටී කිසිදු අයකු දිවිගලවා නොගෙනම අනතුරට පත්වූ බවට මැලේසියානු බලධාරීහු අද පස්වරුවේ නිල වශයෙන් නිවේදනය කළේ ය.

මැලේසියානු අග‍්‍රාමාත්‍ය නජීබ් රසාක් විසින් සිය හදිසි නිවේදනය මගින් මේ බව අනාවරණය කළේ මෙසේයි. ‘ගුවන් යානය සෙවීමේදී මෙතෙක් ලද සියලූ දත්ත, සාක්ෂි පදනම් කරගනිමින් ඉන්දීය මුහුදේ පර්ත්හි බටහිර දෙසින් යානය මුහුදට කඩා වැටී ඇති බවට තහවුරු කරගැනීමට හැකිව තිබෙනවා. මෙම ස්ථානය ගුවන් යානය ගොඩබෑමට හැකි සියලූම ස්ථානවලින් ඉතාම ඈතින් පිහිටි ස්ථානයක්. එමෙන්ම චන්ද්‍රිකා ඡයාරූපවලට මෙන්ම සියලූ මෙහෙයුම් මගින් ඉන්දීය මුහුදේ වැටී තිබූ සුන්බුන් ගණනාවක් ලැබී ඇති බැවින් එ්වා අනතුරට පත් යානයේ බවට සැළකෙනවා. එබැවින් එම්.එච්.370 ගුවන් යානයේ ඉරණම දකුණු ඉන්දීය මුහුදෙන් අවසන් වී ඇති බවට ඉතාම කනගාටුවෙන් ප‍්‍රකාශ කරමි.’ යනුවෙන් පවසා තිබුණි.
අග‍්‍රාමාත්‍යවරයා මෙම නිවේදනය කරනු ලැබුවේ මැලේසියානු ගුවන් සේවය විසින් අනතුරට පත් යානයේ මගීන්ගේ ඥතීන් සියලූම දෙනා වෙත කෙටි පණිවුඩයක් මගින් කළ දැනුම්දීමකින් පසුව ය. එම පණිවුඩය මෙසේයි. ‘එම්.එච්.370 ගුවන් යානය ගැන මෙතෙක් ලද සියලූ තොරතුරුවලට අනුව යානය දකුණු ඉන්දීය මුහුදට කඩාවැටී අනතුරට පත්වූ බවටත් එහි ගමන්ගත් කිසිවකු දිවි ගලවානොගත් බවටත් යුක්තිසහතව පිළිගැනීමට සිදුවීම පිළිබඳ අපගේ බලවත් කනගාටුව ප‍්‍රකාශ කරමු. මීළඟ පැයේදී මැලේසියානු අග‍්‍රාමාත්‍යවරයා විසින් සාක්ෂි සහිතව එ් පිළිබඳ නිල නිවේදනය කරනු ඇත.’ යනුවෙන් එම පණිවුඩයේ සඳහන්ව තිබිණි.

කෙසේවෙතත් තවදුරටත් දකුණු ඉන්දීය මුහුදේ සුන්බුන් සොයා මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බව මැලේසියානු ගුවන් සේවය පැවසීය.
මාර්තු 08 වැනි දා ගුවන් නියමු සහාරි අහමඞ් ෂා සහ සහයක නියමු ෆාරික් අබ්දුල් හමීඞ්ගේ මෙහෙයවීමෙන් ක්වාලාලාම්පූර් සිට ගුවන්ගත කෙරුණු යානය බීජිං බලා ගමන්ගනිමින් සිටියදී රේඩාර් සංඥ පද්ධතියෙන් ඉවත්ව යාම හේතුවෙන් අතුරුදන් වූ යානය සොයා රටවල් 26ක් ගුවනින්, මුහුදින්, ගැඹුරු මුහුදේ මෙන්ම ගොඩබිමින් ද මෙහෙයුම් සිදුකළේ ය. එ් වර්ග කිලෝමීටර් මිලියන 3කට අධික ගුවන් මෙන්ම නාවික කලාපයක් ආවරණය කරමිනි.
ඇමෙරිකාව, චීනය, රුසියාව,  ඕස්ටේ‍්‍රලියාව, බි‍්‍රතාන්‍ය ඇතුළු රටවල රාජකීය හමුදා, ආරක්ෂක යානා, යුද නෞකා මෙහෙයුම් සඳහා යොදවා තිබිණ. චන්ද්‍රිකා තාක්ෂණික ඡුායාරූප ඔස්සේ යමින් මුහුදේ පර්යේෂණ කළ ආරක්ෂක අංශ වෙත බොහෝ අවස්ථාවලදී මුහුදු සුළි කුණාටු මධ්‍යයේ මෙහෙයුම් දියත් කිරීමට සිදුවිය.
ගොඩබිමින් පර්යේෂණ සඳහා දායක වූ එස්බීඅයි පර්යේෂණ කණ්ඩායම් යානයේ මගීන් හා කාර්ය මණ්ඩලයේ පෞද්ගලික තොරතුරු ඔස්සේ ද පර්යේෂණ දියත් කළේ එමගින් යානයට සිදුවූ දෙය සොයාගැනීමේ අටියෙනි. සමුද්‍ර කලාපයේ මෙහෙයුමේ අවසන් අදියරේදී සුදු පැහැති සමුචතුරස‍්‍රාකාර, අළු පැහැති, කොළ පැහැති රවුම් හැඩයේ ආදී සුන්බුන් කොටස් මුහුදේ ඇති බවට චන්ද්‍රිකා ඡුායාරූප ඔස්සේ යමින් මෙහෙයුම් කරන අතරතුර ඊයේ දිනයේ දී ලබාගත් සියලූ සාක්ෂි මත, මැලේසියානු ගුවන් සේවයට අයත් බෝයිං 777 වර්ගයේ එම්එච්370 ගුවන් යානයේ ඉරණම දකුණු ඉන්දීය මුහුදේ දී අවසන් වූ බවට මැලේසියානු රජය මගින් නිවේදනය කළේ ය


(susඉල්-බලන)









No comments:

Post a Comment