විසි වසරකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ ,ඉන්දියාවේ සහ මධ්‍යම ඇමරිකානු කලාපයේ ගොවි ජනතාව අතර පැතිර ගිය අභිරහස් වකුගඩු රෝගයේ රෝග යාන්ත්‍රණය සොයා ගැනීමට ශ්‍රී ලංකික විද්‍යාඥයන්ට හැකි වී ඇත.
රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය චන්න ජයසුමන, ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆොර්නියා විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය සරත් ගුණතිලක සහ ප්‍රියන්තා සේනානායක මහත්මිය එක්ව මෙම සොයා ගැනීම සිදු කර ඇත. රෝගය පැතිර යන ප්‍රදේශවල බහුලව භාවිතා කරන පුර්ණ වල නාශකය (ග්ලයිපොසේට්) , කෘෂි රසායන ද්‍රව්‍ය මගින් එක් වන ආසනික් සහ බැර ලෝහ, කිවුල වැඩි භූගත ජලය සමග එක් වීමෙන් ඇති වන සංයෝගයක් හේතුවෙන් මෙම රෝගය ඇති වන බව ඔවුන් පැහැදිලි කර ඇත.