ඉන්දීය දුම්රිය මැදිරි උතුර බලා
මෑතකදී නැවත විවෘත කරන ලද උතුරු දුම්රිය මාර්ගයේ ධාවනය සඳහා දුම්රිය එන්ජින් 6ක් සහ මගී මැදිරි 78ක් ඉන්දියාවෙන් මිලදී ගැනීමට ප‍්‍රවාහන අමාත්‍යංශය තීරණය කර ඇත.
ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක මුදලක් ඉන්දීය ණය යෝජනා ක‍්‍රමය යටතේ වෙන් කර ඇත.
ආනයනය කරනු ලබන මැදිරි 78න් 12ක් වායු සමනය කළ මැදිරි වන අතර ඉතිරි මැදිරි 66 වායු සමනය නොකළ සාමාන්‍ය මැදිරි වේ.
උතුරු දුම්රිය මාර්ගයේ කිලිනොච්චිය දක්වා දුම්රිය ගමනාගමනයට දැනටමත් ආරම්භ කර ඇති අතර එය ලබන වසරේ ජූනි මාසය වනවිට කන්කසන්තුරේ දක්වා ද ලබන දෙසැම්බර් වනවිට තලෙයිමන්නාරම දක්වා ද දීර්ඝ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.
සුසිල් (බලන)
25/10/2013


බලමුවඩේ හරියඉද කියල
ReplyDelete