.



Snowfall Widget for Blogger

Friday, June 20, 2014

මේ වෙලාවේ ගුවන් ගත වී තිබෙන ගුවන් යානා බලමු

මේකනම් නියම වැඩක්.live බලන්න පුලුවන් ඕනෙම රටක ගුවනේ මේ වෙලාවේ ප්ලේන් එකක් එහෙම යනවනම් කොහේද යන්නේ කියලා.

මේක ඇත්ත කියලා බලන්න අපි ප්ලේන් එකක් ගිය වෙලාවට ටක් ගාලා log වෙලා බැලුවා.මෙන්න පේනවා වගේම ඇත්ත. අපිට පුලුවන් ඒක ගොඩබාන තැන වුනත් බලා ගන්න. ඊට අමතරව තව ගුවන් ගමන් පිළිබද විස්තරත් බලාගන්න පුලුවන්.

Friday, June 13, 2014

හෙළ වෙදකම ලොව මවිත කරයි.



                             අපි කුඩා කල ‘හීන් සැරය’ කියෙව්වෙමු. අලි හොඬෙන් රිංගගත් චූටි කටුස්‌සා, සද්දන්ත අලියාට දස වදයම දුන්නේය. අද අප අත්විඳින හීන් සැරයක්‌ වෙයි. ඒ ඩෙංගු මදුරුවාය. ලෝකයම අතැඹුලක්‌ කරගන්නට තරම් දක්‍ෂ වූ මනුෂ්‍යයාට මේ පුංචි මදුරුවා කරන ලතැවුල සුළු පටු නැත. ඩෙංගු මදුරුවා යනු ‘හීන් සැරයක්‌’ නොව ‘මාරක සැරයකි’. අද ශ්‍රී ලංකාවේ පාසල් වල නිවාඩු පනවන්නටද, අධිකරණවලට නඩු ගෙනෙන්නටද, නඩු නැතිවම මරණ දණ්‌ඩනය ක්‍රියාත්මක කිරීමටද ඩෙංගු මදුරුවාට හැකිය. මොන්ටිසෝරියට යන ළදරුවාද, පරිපාලන නිලධාරියාද, ඇමැතිද, අගමැතිද කියා කිසිදු භේදයකින් තොරව මේ සියලුදෙනා මත සිය ආඥාව පැතිරීමට ‘ඩෙංගු’ට හැකිව තිබේ. ඩෙංගු මර්දනයට රටේ පාලනය ගත් උත්සහයක්‌ වේ නම් ඒ සියල්ල පරාජය කරමින් දැන් ඩෙංගු යළිත් හිස ඔසවා ඇත. සමස්‌ත රටම ඩෙංගුට හිස නැමිය යුතු තත්ත්වයක්‌ උදාවී ඇත. එහෙත් ඩෙංගු මදුරුවාට පාලනය කළ නොහැකි එකම එක මනුෂ්‍ය දුවක්‌ මේ සිරිලකෙහි සිටින්නීය. ඩෙංගු විසෙන් මරණය පෙනෙන මිනිසුන් සිය ගණනකගේ ජීවිත බේරාදුන්, අම්බලන්ගොඩ වෙසෙන, තරංගා කුමාරි වික්‍රමසූරිය නම් මේ යොවුන් වෛද්‍යවරිය දිව්‍ය ඔසු තනන මනුෂ්‍ය දියණියකි.

පාපන්දු ලෝක කුසලනේ ඇරබේයි.

2014 ලෝක පාපන්දු ලොකකුසලනය බ්‍රසීලයේදී අති උත්සවශ්‍රීයෙන් ශියෙන් ඇරඹේ.19 වෙනි වරට පවත්තනු ලබන ලෝක පපන්දු කුසලනය මෙවර සත්කරක රට ලෙස කටයුතු කරන්නේ බ්‍රසීලය වන අතර බ්‍රසීලය ලෝක පපන්දු කුසලනය මෙවනවිට 5 වාතවක් ජයග්‍රහණය කර තිබේ.මෙවර සත්කාරක රටවන බ්‍රසීලයට  ලස්සනබලන අපේ උණුසුම් සුභ පැතුම්.

Sunday, June 1, 2014

මිතුදම නොබිදූ මෝදී


                              ඉන්දියාවේ 15 වැනි අග‍්‍රාමාත්‍යවරයා ලෙස නරේන්ද්‍ර දමොදාර්දාස් මෝදි පසුගිය 26 වැනිදා දිවුරුම් දුන්නේය.මේ සුවිශේෂී මොහොතට ආරාධිතයන් 4000කට ආසන්න සංඛ්‍යාවක් පැමිණ සිටියහ.